රත්මලාන ගුවන් හමුදා කඳවුරේ 'විධායක සුභසාධන වෙළඳසැල් අරමුදල' නව මධ්‍යස්ථානය විවෘත කරයි
10:14am on Tuesday 21st June 2011
රත්මලාන ගුවන් හමුදා කඳවුරු පරිශ්‍රයේ ඉදිකළ නව 'විධායක සුභසාධන වෙළඳසැල් අරමුදල' ප්‍රධාන මධ්‍යස්ථානය පසුගිය ජූනි 14වන දින ගුවන් හමුදාධිපති එයාර් මාර්ෂල් හර්ෂ අබේවික්‍රම මහතා විසින් උත්කර්ෂවත් අන්දමින් විවෘත කරන ලදී.

කොළඹ ගුවන් හමුදා කඳවුරේ පිහිටා තිබූ මෙම ප්‍රධාන බෙදාහැරීමේ ගබඩා මධ්‍යස්ථානය රත්මලාන කඳවුර වෙත මාරු කරන ලදී. දැනට ගොඩනැගිලි දෙකකින් මෙම ප්‍රධාන බෙදාහැරීමේ මධ්‍යස්ථානය සමන්විත වේ.

මෙම උත්සවයට සමගාමීව විශේෂ ආගමික වතාවත් රැසක් පැවැත්විණි. තවද මෙම අවස්ථාවට රත්මලාන ගුවන් හමුදා කඳවුරු අණදෙන නිළධාරි ගුවන් කොමදෝරු සුමංගල ඩයස්, විධායක සුභසාධන ව්‍යාපෘති නිළධාරි ගෲප් කැප්ටන් ජේ. එස්. අයි. විජේමාන්න ඇතුළු කඳවුරේ සියලුම නිළයන් සහභාගී වූහ.





airforce_logo
ශ්‍රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්‍ෂකයෝ
National Defence College
© 2024 ශ්‍රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂකය . සියලුම හිමිකම් ඇවිරිණි