ගුවන් හමුදා චීනවරාය විද්‍යාපීඨ කඳවුරේ වාර්ෂික පරීක්ෂණය
10:07am on Monday 27th June 2011
ගුවන් හමුදාපති එයාර් මාර්ෂල් හර්ෂ අබේවික්‍රම මහතා විසින් පසුගිය ජූනි 18 වන
දින ගුවන් හමුදා චීනවරාය විද්‍යාපීඨ කඳවුරේ වාර්ෂික පරීක්ෂණය සිදු කරන ලදී.

චීනවරාය විද්‍යාපීඨ කඳවුරේ පිඨාධිපති 'එයාර් වයිස් මාර්ෂල්' කපිල ජයම්පති
මහතාගේ ප්‍රධානත්වයෙන්, ගෲප් කැප්ටන් ප්‍රසන්න ජයසිංහ, විංග් කමාණ්ඩර් සි. ජේ.
බටගොඩ සහ පී. එස්. එන්. ප්‍රනාන්දු යන නිළධාරීන් එක්ව පිළිගැනීමේ පෙළපාලියකින්
ගුවන් හමුදාපතිතුමා පිළිගන්නා ලදී.

තවද මෙම පරීක්ෂණය අතරතුරේදී නව 'ගුවන්භට නිවාඩු නිකේතනය' ගුවන් හමුදාපතිතුමා
විසින් විවෘත කරන ලදී. කඳවුරේ සියලු නිළයන්ගේ භෝජන සංග්‍රහයක් හා ගුවන්
හමුදාපතිතුමාගේ විශේෂ කථාවක්ද පැවැත්විණි. අනතුරුව ගුවන් හමුදාපතිතුමා මාබල්
බීච් නිවාඩු නිකේතනයේ පරීක්ෂණ සංචාරයක නිරත විය.   




 
airforce_logo
ශ්‍රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්‍ෂකයෝ
National Defence College
© 2024 ශ්‍රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂකය . සියලුම හිමිකම් ඇවිරිණි