තවත් පොසොන් උත්සව සැමරුමක්
10:14am on Monday 27th June 2011
ගුවන් හමුදා බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළ කඳවුරේ 'පොසොන් උත්සවය' කඳවුරු
අණදෙන නිළධාරි ගෲප් කැප්ටන් ඩබ්ලිව්. ඩබ්ලිව්. පී. ඩී. ප්‍රනාන්දු  මහතාගේ ප්‍රධානත්වයෙන් සියලුම සේවා පුද්ගලයින් හා ඔවුන්ගේ පවුල්වල සමාජිකයින්ගේ  සහභාගීත්වයෙන් කඳවුරු පරිශ්‍රයේදී පසුගියදා පැවැත්විණි.

එදින සවස පිරිත් සජ්ඣායනාවක් කඳවුරු පරිශ්‍රයේදී පැවැත්විණි. තවද මහින්දාගමනය සනිටුහන් කරමින් 'මිහින්තලය' ආකෘතියක් කඳවුරු ප්‍රධාන ආරක්ෂක මැදිරිය අසල ප්‍රදර්ශනය කරන ලදී. මෙම නිර්මාණය දැක බලා ගැනීමට ප්‍රදේශවාසී සියලු දෙනාටම අවස්ථාව උදාවිය.

තවද බෝධි පූජාවක් හා භාවනා වැඩසටහනක් 'බෝධිරත්න රාමය' විහාරස්ථානයේදී කඳවුරු
අණදෙන නිළධාරි ඇතුළු කඳවුරේ සියලුම නිළයන්ගේ සහභාගීත්වයෙන් පසුගිය ජූනි 17 වන
දින පැවැත්වීම විශේෂත්වයකි.   



airforce_logo
ශ්‍රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්‍ෂකයෝ
National Defence College
© 2024 ශ්‍රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂකය . සියලුම හිමිකම් ඇවිරිණි