රණවිරු සැමරුම් උත්සවය
10:43am on Wednesday 20th July 2011
රණවිරු සැමරුම් උත්සවයේ පූර්ව අංගයක් ලෙස වව්නියාව ගුවන් හමුදා කඳවුරේ සර්ව රාත්‍රී පිරිත් සජ්ඣායනයක් හා මහා සංඟ රත්නයට දානය පිරිනැමිමේ උත්සවයක් පසුගිය ජූලි මස 9, 10 යන දිනයන්හිදී කඳවුරු පරිශ්‍රයේදී පැවැත්විණි.

මෙම වැඩසටහන කඳවුරු අණදෙන නිළධාරී ගුවන් කොමදෝරු රෝහිත ප්‍රනාන්දුගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි. මෙහිදී භික්ෂූන් 16 නමකට 'හීල් දානය' පිරිනැමීමක්ද සිදු විය. මෙම අවස්ථාවට මියගිය රණවිරුවන්ගේ පවුල්වල සමාජිකයින්, සේවා පුද්ගලයින් සහභාගි වූහ.

මෙම පුණ්‍යමය කටයුත්ත උතුරු නැගෙනහිර මහා සංඟ නායක හා වව්නියාව ශ්‍රී බෝධී දක්ෂිණාරාමයේ විහාරාධිපති පූජ්‍ය සියඹලාගස්වැව ශ්‍රී විමලසාර නායක තෙරුන්ගේ අනුශාසනය මත, කඳවුරේ සියලුම සමාජිකයින්ගේ සහභාගීත්වයෙන් පැවැත්විණි.    

 

  

airforce_logo
ශ්‍රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්‍ෂකයෝ
National Defence College
© 2024 ශ්‍රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂකය . සියලුම හිමිකම් ඇවිරිණි