කිලිනොච්චිය ගුවන් පථය විවෘත වේ
8:37am on Tuesday 26th July 2011
කොටි ත්‍රස්තවාදීන්ගේ ප්‍රධාන බලකොටුවක් ලෙස පැවැති කිලිනොච්චි දිස්ත්‍රික්කයේ ශ්‍රී ලංකා ගුවන් හමුදාව විසින් ඉදිකරන ලද පලමු ගුවන් පථය අද (19) දින ගුවන් හමුදාපති එයාර් මාර්ෂල් හර්ෂ අබේවික්‍රම මහතාගේ ප්‍රධානත්වයෙන් විවෘත විය. එහිදී වයි - 12 ගුවන් යානයක් අද උදෑසන කිලිනොච්චි ගුවන් පථය වෙත සාර්ථකව ගොඩබස්වන ලදී.

මෙම නව ගුවන් පථය කිලිනොච්චි නගරයේ ඒ - 9 මාර්ගයෙන් කි.මී. 7ක් නැගෙනහිරට වන්නට
සහ කිලිනොච්චිය ආරක්ෂක බලකා මූලස්ථානයට කි.මී. 1ක් ආසන්නයේ එල්.ටී.ටී.ඊ ත්‍රස්තයන්ගේ පැරණි පුහුණු කඳවුරක් ආශ්‍රිතව ඉදිකර තිබේ. මෙම ගුවන් පථය ආශ්‍රයෙන් සැහැල්ලු ගුවන් යානා ගුවන්ගත කිරීම සහ ගොඩ බැස්සවීම සිදු කල හැක.

එල්.ටී.ටී.ඊ ත්‍රස්තයන්ගේ ප්‍රධානතම සහ විශාලතම ගුවන් පථය ඉරණමඩු ප්‍රදේශයේ ඉදිකර තිබූ අතර අදවන විට ඉරණමඩුහි ගුවන් හමුදා කඳවුරක් ස්ථාපිත කර ඇති අතර එහි පිහිටි ගුවන් පථ මේවන විටත් ප්‍රතිසංස්කරණය කරමින් පවති.

කිලිනොච්චිය ගුවන් පථය ඉදිකිරීමත් සමගම හෙලිටුවර්ස් ගුවන් ගමන් සේවයේ ගමන් වාරයන් කිලිනොච්චිය දක්වා පුළුල්වන අතර රත්මලාන ගුවන් හමුදා කඳවුරේ සිට කිලිනොච්චිය දක්වා ගමන් වාරයක් වෙනුවෙන් රු.7500.00ක මුදලක් එක් අයෙකු වෙනුවෙන් අය කරනු ලබයි.


airforce_logo
ශ්‍රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්‍ෂකයෝ
National Defence College
© 2024 ශ්‍රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂකය . සියලුම හිමිකම් ඇවිරිණි