ශ්‍රී ලංකා ගුවන් හමුදා කොග්ගල කඳවුරේ වාර්ෂික පරීක්ෂණය
10:02am on Tuesday 9th August 2011
ගුවන් හමුදාපති එයාර් මාර්ෂල් හර්ෂ අබේවික්‍රම මහතා විසින් ශ්‍රි ලංකා ගුවන් හමුදාව කොග්ගල කඳවුරේ ගුවන් හමුදාපති වාර්ෂික පරීක්ෂණය අද (අගෝස්තු 05) සිදු කරන ලදී.

ශ්‍රී ලංකා ගුවන් හමුදාව කොග්ගල කදවුරේ අණදෙන නිලධාරීවිංග් කමාණ්ඩර් ඩ්බ්ලිව්.ඩ්බ්ලිව්.එන්.ටි.පි. ප්‍රනාන්දු ආචාර මුර පෙළපාලියකින් ගුවන් හමුදාපතිතුමා පිළිගන්නා ලදී. පෙළපාලියේ අණදෙන්නා ලෙස බළඝණ නායක දිශාන්ත බණ්ඩාර කටයුතු කරන ලදී.

මෙම පරීක්ෂණය අතරතුර ගුවන් හමුදාපතිතුමා ප්‍රතිසංස්කරනය කරන ලද සුභසාධන වෙළඳසැල විවෘත කරන ලදී. අවසාන වශයෙන් ගුවන් හමුදාපතිතුමා විශේෂ දේශනයක්ද පැවැත්විය.





airforce_logo
ශ්‍රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්‍ෂකයෝ
National Defence College
© 2024 ශ්‍රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂකය . සියලුම හිමිකම් ඇවිරිණි