ගුවන් හමුදා රග්බි කණ්ඩායමට විශිෂ්ට ජයක්
10:11am on Tuesday 9th August 2011
කැල්ටෙක්ස් සූරතා රග්බි තරඟාවලියේ ශ්‍රී ලංකා ගුවන් හමුදා රග්බි කණ්ඩායම හා ශ්‍රී ලංකා පොලිසිය රග්බි කණ්ඩායම අතර තරඟය පසුගිය අගෝස්තු 05 වන දින තිඹිරිගස්යාය පොලිස් ක්‍රිඩාංගනයේදී පැවැත්විණි. මෙම තරඟයෙන් ගුවන් හමුදා රග්බි කණ්ඩායමට විශිෂ්ඨ ජයක් හිමි විය.

ගුවන් හමුදා රග්බි කණ්ඩායම තරඟයේ ආරම්භයේ සිට දක්ෂ ලෙස ක්‍රීඩා කරමින් පොලිස් කණ්ඩායමට එරෙහිව ලකුණු 40 - 18 ලෙස තරඟය ජය ගන්නා ලදී.

වැඩ බලන මෙහෙයුම් භූමි අධ්‍යක්ෂ එයාර් කොමදෝරු ලාල් පෙරේරා, ගුවන් හමුදා රග්බි සංචිතයේ සභාපති හා ගුවන් හමුදා කොළඹ කඳවුරු අණදෙන නිළධාරි එයාර් කොමදෝරු විජිත ගුණරත්න, විධායක ක්‍රීඩා නිළධාරි එයාර් කොමදෝරු හර්ෂ ප්‍රනාන්දු සහ ගුවන් හමුදා රග්බි සංචිතයේ ලේකම් විංග් කමාණ්ඩර් දීප්ති රවිහංස ඇතුළු රැසක් මෙම අවස්ථාවට සහභාගි විය. 

 

airforce_logo
ශ්‍රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්‍ෂකයෝ
National Defence College
© 2024 ශ්‍රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂකය . සියලුම හිමිකම් ඇවිරිණි