ගුවන් හමුදා ක්‍රිකට් කණ්ඩායමට විශිෂ්ට ජයක්
3:15pm on Thursday 11th August 2011
ශ්‍රී ලංකාවේ නිළ සංචාරයක නිරතව සිටින මැලේසියානු ජාතික ක්‍රිකට් කණ්ඩායම හා ශ්‍රී ලංකා ගුවන් හමුදා කණ්ඩායම අතර පැවැති සුහද ක්‍රිකට් තරඟයෙන් ලකුණු 44ක විශිෂ්ට ජයක් ලබා ගැනීමට ගුවන් හමුදා ක්‍රිකට් කණ්ඩායම සමත් විය. මෙම තරඟය අද (අගෝස්තු 10) කොළඹ ගුවන් හමුදා කඳවුරේ 'රයිෆල් ග්‍රීන්' ක්‍රීඩාංගනයේදී පැවැත්විණි.  

මැලේසියානු ක්‍රිකට් අධ්‍යක්ෂ මණ්ඩලය හා ආසියානු ක්‍රිකට් අධ්‍යක්ෂ මණ්ඩලය එක්ව මෙම මැලේසියානු ක්‍රිකට් කණ්ඩායමේ ශ්‍රී ලංකා සංචාරය සුදානම් කර තිබේ. සැප්තම්බර් මස 17 සිට 24 දක්වා පැවැත්වීමට නියමිත 'ලෝක ක්‍රිකට් තරඟාවලිය 2011 - කලාප 06' සඳහා සහභාගී වීමට පෙර මැලේසියානු ක්‍රිකට් කණ්ඩායමේ අත්දැකීම් වැඩිකර ගැනීම පිණිස මොවුන් ජූලි මස 31වන දින ශ්‍රී ලංකාවට පැමින තිබීම විශේෂත්වයකි.

හිටපු ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක තුෂාර කොඩිකාර 1996දී මැලේසියානු ක්‍රිකට් කණ්ඩායමේ සමාජිකයෙකු ලෙස කටයුතු කළ අතරම දැනට මැලේසියානු ජාතික ක්‍රිකට් කණ්ඩායමේ පුහුණුකරු වශයෙන් කටයුතු කරනු ලබයි. තවද හිරාන් උදිත වීරංග හා තුෂාර ප්‍රභාත් යන ශ්‍රී ලාංකික ක්‍රීඩකයින්ද මැලේසියානු ජාතික කණ්ඩායමේ සමාජිකයින් ලෙස ක්‍රීඩා කරනු ලැබීම විශේෂත්වයකි.

මැලේසියානු රාජකීය ගුවන් හමුදාවේ බලලත් නිළධාරි 1 පුබාලන්, නායක ගුවන්භට මොහොමඩ් සුකාරි, ගුවන්භට මොහොමඩ් නෝවිරා සස්මියා, ගුවන්භට අබ්දුල් රසිඩ් සහ ගුවන්භට මොහොමඩ් සුහාරිල් ෆෙට්‍රි යන ක්‍රීඩකයින් මැලේසියානු ක්‍රිකට් කණ්ඩායම නියෝජනය කරනු ලබයි.

ප්‍රථමයෙන් පන්දුවට පහර දුන් ශ්‍රී ලංකා ගුවන් හමුදා කණ්ඩායම පන්දුවාර 50ක් අවසානයේ ලකුණු 270 ලබ ගැනීමට සමත් විය. අචිර එරංග ලකුණු 91ක් ලබා ගනිමින් ගුවන් හමුදා ඉනිම ශක්තිමත් කිරීමට සමත් විය. මැලේසියානු ක්‍රීඩක මොහොමඩ් සුකාරි ලකුණු 60කට කඩුළු තුනක් බිඳ හෙලීමට ගැනීමට සමත් විය.

මැලෙසියානු ක්‍රිකට් කණ්ඩායමට පන්දුවාර 46ක් අවසානයේදී ලබා ගැනීමට හැකිවුයේ ලකුණු 226ක් පමණි. ගුවන් හමුදා කණ්ඩායමේ පිෂාන් හේවගේ කඩුළු පහක් ලබා ගැනීමට සමත් විය.

මැලේසියානු ක්‍රිකට් කණ්ඩායම ශ්‍රී ලංකා සංචාරය අතරතුරෙදී මහනුවර සංවර්ධන කණ්ඩායම සමඟ පැවැති තරඟ දෙකේදීම පරාජය හිමි කරගැනීමටත්, 'ටැමිල් යුනියන්' කණ්ඩායම දෙවරක් හා කුරුණෑගල සංවර්ධන කණ්ඩායම එක්වරක් පරාජය කිරීමටත් සමත් විය. තවද මැලේසියානු ක්‍රිකට් කණ්ඩායම රාගම ක්‍රිකට් සමාජය, යුධ හමුදා හා බ්ලූම්ෆීල්ඩ් යන කණ්ඩායම් සමග අගෝස්තු මස 11, 13 හා 15 යන දිනයන්හිදී තරඟ වැදීමට සුදානම්ව සිටි.

     

airforce_logo
ශ්‍රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්‍ෂකයෝ
National Defence College
© 2024 ශ්‍රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂකය . සියලුම හිමිකම් ඇවිරිණි