කැල්ටෙක්ස් රග්බි තරඟාවලියේ 'පලඟ' ශූරතාවය ගුවන් හමුදාවට
9:13am on Friday 19th August 2011
කැල්ටෙක්ස් රග්බි තරඟාවලියේ පළඟ ශූරතාවය සඳහා ගුවන් හමුදා හා සී.එස් සහ එෆ්.සී රග්බි කණ්ඩායම් තරඟ වැදුනු අතර, ශූරතාවය ලකුණු 46-07 ලෙස ගුවන් හමුදා රග්බි කණ්ඩායම හිමි කර ගන්නා ලදී. මෙම තරඟය ගුවන් හමුදා කටුනායක කඳවුරු ක්‍රීඩාපිටියේදී අද (12) පැවැත්විණි.

පළමු අර්ධයේදී ගුවන් හමුදා කණ්ඩායම ලකුණු 22 ලබා ගන්නා ලදී. තවද තරඟාවලියේ වැඩිම ලකුණු ප්‍රමාණයක් ලබා ගනිමින් ශූරතාවය දිනා ගැනීමට ගුවන් හමුදා රග්බි කණ්ඩායම සමත් විය.

ගුවන් හමුදා රග්බි සංචිතයේ සභාපති හා කොළඹ කඳවුරු අණදෙන නිළධාරි එයාර් කොමදෝරු විජිත ගුණරත්න මහතා ඇතුළු රැසක් මෙම අවස්ථාවට සහභාගි විය.  



airforce_logo
ශ්‍රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්‍ෂකයෝ
National Defence College
© 2024 ශ්‍රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂකය . සියලුම හිමිකම් ඇවිරිණි