පෙර පාසල් ගුරුවරියන් උදෙසා පැවැත්වූ වැඩමුළුව සාර්තකව නිම කෙරේ
10:39am on Thursday 11th April 2013
ගුවන් හමුදා සුභ සාධක අධ්‍යක්ශක මණ්ඩලය හා සේවා වනිතා ඒකකය එක්ව ගුවන් හමුදා පෙර පාසල් ගුරුවරියන් සදහා නවතම විෂය ධාරාව හදුන්වා දීමේ හා නව පෙර පාසල් පොත් පත් ප්‍රධානය කිරීමේ උත්සවයක් සේවා වනිතා ඒකකයේ ගරු සභා පතිනි නීලීකා අබේවික්‍රම මැතිනියගේ ප්‍රධානත්වයෙන් 2013 අප්‍රේල් මස 07 වන දින උදැසන 08 සිට සවස 06 දක්වා ගුවන් හමුදා මුලස්තාන  ශ්‍රවනාගාරයේදී පැවැත් වින.

ගුවන් හමුදා සුභ සාධක අධ්‍යක්ෂක මණ්ඩලයේ මාණ්ඩලික නිලධාරී බලගණ නායක ප්‍රසාද් ගොඩගේ, හා බලපංති ලුතිනන් දිසානායක විසින් මෙම වැඩසටහන මෙහෙය වන ලදී.

විවිද ක්‍රියාකාරකම් හා ඉගැන්වීම යටතේ නව විෂය කරුණු පිලිබදව මනා අවබෝදයක් හා පෙර පාසල් දරුවන්ගේ අධ්‍යාපනය නගා සිටුවීමට ඉවහල් වන විෂය කරුණු රැසක් පිලිබදවද දැනුවත් කරන ලදී.



airforce_logo
ශ්‍රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්‍ෂකයෝ
National Defence College
© 2024 ශ්‍රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂකය . සියලුම හිමිකම් ඇවිරිණි