නව දිවා සුරැකුම් මධ්‍යස්ථනයක් ගුවන් පුර කදවුරේදී විවෘත කෙරේ
10:25am on Friday 7th June 2013
ගුවන් හමුදා සේවා වනිතා ඒකකයේ ගරු සභාපතිණි නීලීකා අබේවික්‍රම මැතිණියගේ ප්‍රධානත්වයෙන් නව දිවා සුරැකුම් මධ්‍යස්ථානයක් ගුවන්පුර කදවුරු පරිශ්‍රයේදී 2013 ජුනි මස 04 වන දින විවෘත කෙරින.

මෙම ව්‍යාපෘතිය ගුවන් හමුදා කොළඹ කදවුරු සේවා වනිතා ඒකක්යේ සභාපතිණි වසන්තා ප්‍රනාන්දු මහත්මිය විසින් ආරම්භ කල අතර දිවා සුරැකුම් මධ්‍යස්ථානයේ  අංශ භාර නිලධාරිනී ස්කොඩ්‍රන් ලීඩර් එච්.ඒ.එම්.පී විජේනායක විසින් මෙය සාර්තක කර ගැනීම සදහා උපරිම දායකත්වය සපයන ලදී.මේ වන විට ළමුන් 30 ආසන්න ප්‍රමානයක් මෙම මෙහි සුරැකුම ලබන අතර ඉදිරි මාසයේදී මේ සදහා තවත් ළමුන් විෂාල පිරිසක් එක් වීමට නියමිතය.

මෙම අවස්ථාව සදහා ගුවන් හමුදා කොලඹ කදවුරු අණදෙන නිලධාරී එයාර් කොමඩෝර් කේ.එෆ්.ආර් ප්‍රනාන්දු හා එම මැතිණිය, ගුවන් හමුදා කොළඹ කදවුරු සේවා වනිතා ඒකකයේ අංශභාර නිලධාරිනි විංග් කමාණ්ඩර් පතිරන මේ අවස්ථාවට එක් විය.

airforce_logo
ශ්‍රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්‍ෂකයෝ
National Defence College
© 2024 ශ්‍රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂකය . සියලුම හිමිකම් ඇවිරිණි