අංක 04 හෙලිකොප්ටර් බලඝණය සිය 48 වන සංවත්සරය සමරයි
3:02pm on Monday 10th June 2013
අංක 04 හෙලිකොප්ටර් බලඝණය සිය 48 වන සංවත්සරය අභිමානවත් අයුරින් 2013 ජුනි මස 01 වන දින සමරන ලදී. බලඝණ අණදෙන නිළධාරී විංග් කමාන්ඩර් එල් සී දිසානායක විසින් සංවත්සර පෙළපාලිය පරීක්ෂා කිරීමෙන් අනතුරුව සංවත්සරයේ වැඩකටයුතු ආරම්භ විය.  

අනතුරුව අණදෙන නිළධාරීතුමන් විසින් බලඝණයේ සියළු සේවා හා සිවිල් පුද්ගලයින් අමතමින් අතීතයේ සිට වර්තමානය දක්වා බලඝණයේ අභිවෘධිය වෙනුවෙන් කැපවූ සියලු පුද්ගලයින් ගෞරවයෙන් සිහිපත් කල අතර වර්තමානයේ මෙම බලඝණය රටවෙනුවෙන් සිදු කරන මෙහෙය මෙන්ම ඉදිරියේදී සිදු කලයුතු කාර්යන් පිලිබඳව දැනුවත් කරන ලදී.  

බලඝණයේ සුභසාධක අරමුදල් තරකර ගැනීම සඳහා ලොතරැයි දිනුම් ඇදීමක් කඳවුරු අණදෙන නිලධාරීතුමන් ඇතුලු නිළධාරීන් සහ සෙසු නිළයන් ඉදිරියේදී සිදුකරන ලදී. එසේම මහරගම පිලිකා රෝහලට අවශ්‍යය උපකරණ තොගයක් බලඝණයේ සංවත්සරය සිහිපත් කරමින් පරිත්‍යාග කරන ලදී.

මෙම සැමරුම් උත්සවය සඳහා කඳවුරු අණදෙන නිළධාරී එයාර් කොමඩොර් එච් එම් එස් කේ බී කොටකදෙනිය, අංක 4 බලඝණයේ අණදෙන නිළධාරී විංග් කමාන්ඩර් එල් සී දිසානායක, ගුවන් නියමු නිළධාරීන්, ඉංජිනේරු නිළධාරීන්, සෙසු නිළධාරීන් සහ සෙසු නිළයන් මෙම සංවත්සර උත්සවය වෙනුවෙන් සහභාගී විය.  



airforce_logo
ශ්‍රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්‍ෂකයෝ
National Defence College
© 2024 ශ්‍රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂකය . සියලුම හිමිකම් ඇවිරිණි