ආරක්ෂක සේවා ක්‍රීඩා මණ්ඩලය ගුවන් හමුදා මූලස්ථානයේදී රැස්වෙයි
2:29pm on Tuesday 23rd March 2010
විශිෂ්ඨතම ක්‍රීඩකයින් ලෝකයට හදුන්වාදෙන ලංකාවේ ප්‍රධානතම ක්‍රීඩා කණ්ඩායම් තුන යුධ,ගුවන් හා නාවික හමුදා ක්‍රීඩා කණ්ඩායම් බව අවිවාදයන් සදහන් කල හැක. ආරක්ෂක සේවා ක්‍රීඩා තරගාවලිය ලංකාවේ ප්‍රධානතම ක්‍රීඩා තරගාවලියක් වන අතර ඒ තුලින් දක්ෂ ක්‍රීඩකයින් රැසක් බිහිවන අතර ඔවුන්ගේ දක්ෂතා ඒ තුළින් වැඩිදියුණු කර ගැනීමට හැකි වේ.

අද (23) දින ආරක්ෂක සේවා ක්‍රීඩා මණ්ඩලය වැඩ බලන ආරක්ෂක
මාණ්ඩලික ප්‍රධානී සහ ගුවන් හමුදාපති එයාර් චීෆ් මාර්ෂල් රොෂාන් ගුණතිලක  මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් රැස්විය.මේ  සදහා යුධ හමුදාපති ලුතිනල් ජෙනරාල් ජගත් ජයසූරිය,නාවික හමුදාපති වයිස් අද්මිරාල් තිසර සමරසිංහ, ගුවන් හමුදා මාණ්ඩලික ප්‍රධානී එයාර් වයිස් මාර්ෂල් පී.බී ප්‍රේමචන්ද්‍ර, යුධ හමුදා මාණ්ඩලික ප්‍රධානී මේජර් ජෙනරාල් දයා රත්නායක සහ නාවික හමුදා මාණ්ඩලික ප්‍රධානී රියර් අද්මිරාල් ඩී.ඩබ්.ඒ.එස් දිසානායක යන ආරක්ෂක ප්‍රධානීන් සහභාගි විය.

2010 ආරක්ෂක සේවා ක්‍රීඩා මණ්ඩලයේ සභාපතීත්වය ගුවන් හමුදාවට හිමි වූ අතර ගුවන් කොමදෝරු අනුර සිල්වා මහතා 2010 ආරක්ෂක සේවා ක්‍රීඩා මණ්ඩලයේ සභාපති ධූරය දරයි.එහිදී එතුමා ප්‍රදර්ශනාත්මකව 2010 ආරක්ෂක සේවා ක්‍රීඩා තරගාවලිය පැවැත්වෙන ආකාරය පිළිබද දැනුවත් කිරීමක් කරන ලදී.

ගුවන් හමුදාව 2009 වර්ෂයේ ආරක්ෂක සේ
වා ක්‍රීඩා තරගාවලිය ජයගත් අතර මෙවර මෙම තරගාවලිය නොකඩවා ජය ගැනීමට ගුවන් හමුදාව සියළු ප්‍රයත්න දරනු ඇත.


The Defence Services Sports Board  Meets at  AFHQThe Defence Services Sports Board  Meets at  AFHQThe Defence Services Sports Board  Meets at  AFHQThe Defence Services Sports Board  Meets at  AFHQThe Defence Services Sports Board  Meets at  AFHQThe Defence Services Sports Board  Meets at  AFHQThe Defence Services Sports Board  Meets at  AFHQThe Defence Services Sports Board  Meets at  AFHQ




airforce_logo
ශ්‍රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්‍ෂකයෝ
National Defence College
© 2024 ශ්‍රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂකය . සියලුම හිමිකම් ඇවිරිණි