ඉරණමඩු කඳවුරේ වාර්ෂික පරීක්ෂණය ගුවන් හමුදාධිපති තුමන් ව්සින් සිදු කරයි
2:04pm on Tuesday 11th June 2013
2013 ජුනි මස 07 වන දින ගුවන් හමුදාපති තුමන්ගේ වර්ෂික පරීක්ෂනය ගුවන් හමුදා ඉරණමඩු කදවුරේදී ගුවන් හමුදාධිපති එයාර් මාර්ෂල් හර්ෂ අබේවික්‍රම මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත් වින.කදවුරු අණදෙන නිලධාරී විංග් කමාන්ඩර් එම් එම් ටී සී මනංපේරි විසින් ගුවන් හමුදපති තුමන්ව කදවුරු පරිශ්‍රයට පිළිගන්නා ලදී.

ගුවන් හමුදාපති තුමන් ගුවන් හමුදා ඉරණමඩු කදවුර ආවරනය වන පරිදි වාර්ෂික පරීක්ෂනය සිදුකල අතර ඉදිරියේදී විවෘත කිරීමට නියමිත ඉරණමඩු ගුවන් පථය ගුවන් හමුදාපති තුමාගේ නිරීක්ෂණයට ලක්කරන ලදී. එසේම ගුවන් හමුදාවේ අභිවෘධිය වෙනුවෙන් කටයුතු කල ජේෂ්ඨ අණනොලත් නිළධාරින් දෙදෙනෙකු ගුවන් හමුදාපති සම්මානයෙන් පිදුම් ලැබීය.

අනතුරුව ගුවන් හමුදා ඉරණමඩු කදවුරු සිවිල් හා සේවා පුදගලයින් අමතා ඔවුන් කදවුර වෙනුවෙන් කල සේවය් අගයමින් ප්‍රසංශාත්මක දේශනයක් ද ගුවන් හමුදාපති තුමන් විසින් ඉදිරිපත් කරන ලදී.


airforce_logo
ශ්‍රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්‍ෂකයෝ
National Defence College
© 2024 ශ්‍රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂකය . සියලුම හිමිකම් ඇවිරිණි