විවේක උද්‍යනයක් ශ්‍රී ලංකා ගුවන් හමුදා ගුවන් පුර කඳවුරේදී විවෘත කෙරේ
1:00pm on Thursday 20th June 2013

ශ්‍රී ලංකා ගුවන් හමුදාව ගුවන්පුර කදවුරේ පිහිනුම් තටාකය ආශ්‍රිතව විවේක උද්‍යනයක් ඉදිකළ අතර එය ශ්‍රී ලංකා ගුවන් හමුදාධිපති තුමා වෙනුවට ගුවන් හමුදාව කොළඹ කදවුරේ අණ දෙන නිලධාරී තුමා අතින් 2013 ජුනි මස 13 වන දින විවෘත කරන ලදී. මෙම උද්‍යානයෙහි උද්‍යාන කුටි හා වෘක්ෂයන්ගෙන් සෙවන කරන අතර සතිය මුළුල්ලේ පිහිනුම් තටාකයෙහි පිහිණුම් කටයුතු වල නිරත වන්නන් හට මෙය මහත් ප්‍රයෝජනයක් වනු ඇත.


 මෙම උද්‍යානයේ නඩත්තු කටයුතු සේවා හා සිවිල් පුද්ගලයින් විසින් සිදු කරනු ලබන අතර මෙහි පැමිනෙන්නන් හට සිසිල් බීම හා අමතර ආහාර වර්ග මිලදී ගැනීමේ පහසුකමද සපයා ඇත‍. තවද මෙහි වරකට දහ අට දෙනෙකුට අසුන් ගත හැකි අතර  මෙය දිනපතා උදෑසන 10.00 සිට රාත්‍රී 22.00 පැය දක්වා විවෘතව පවතී.

airforce_logo
ශ්‍රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්‍ෂකයෝ
National Defence College
© 2024 ශ්‍රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂකය . සියලුම හිමිකම් ඇවිරිණි