වාර්ෂික ඇගයුම් කඳවුර ජාතික ශිෂ්‍ය භට බලකාය එයාර් විං ශීෂ්‍ය භට (පිරිමි) ශ්‍රී ලංකා ගුවන් හමුදාව දියතලාවේදී.
1:07pm on Thursday 20th June 2013
3වන එයාර් විං පාසල් ශිෂ්‍ය භටයින්ගේ විසිර යාමේ පෙළපාලිය හා වාර්ෂක ඇගයුම් කඳවුර ශ්‍රී ලංකා ගුවන් හමුදාව දියතලාව කඳවුරේදී 2013 ජුවි මස 15 වන දින පවත්වන ලදී. ජාතික ශිෂ්‍ය භට බලකායේ අධ්‍යක්ෂ මේජර් ජෙනරාල් ජී බී ඩබ්ලිව් ජයසුන්දර ප්‍රධාන ආරාධිත අමුත්තා වශයෙන් සහභාගී වන ලදී.

මෙම ඇගයුම් කඳවුර අණ දෙන නිලධාරී ගෘප් කැප්ටන් ඩබ්ලිව් ඩබ්ලිව් පී ඩී ප්‍රනාන්දු මහතාගේ පූර්ණ අධීක්ෂණය යටතේ පැවැත්වුණු අතර පුහුණු පක්ෂාංගයේ අණ දෙන නිලධාරී විංග් කමාන්ඩර් පී වී කේ සේනාධීර විසින් වර්ණවත් පෙළපාලියක් ශ්‍රී ලංකා ගුවන් හමුදාව දියතලාව කඳවුරේ බෙන්ට්ලි ක්‍රීඩා පිටියේදී සූදානම් කර තිබිණි.


පාසල් ශිෂ්‍ය භටයින්  හත්සිය හැට පස් දෙනෙක් සහභාගී වූ අතර ඔවුන් සඳහා විවිධ පරීක්ෂණද පවත්වන ලදී.


පළමු ස්ථානය සඳහා හිමිවන සමරු ඵලකය ශාන්ත පීතර විද්‍යාලය විසින් ලබා ගත් අතර දෙවන හා තෙවන ස්ථාන පිළිවලින් ගම්පහ බන්ඩාරනායක විද්‍යාලය හා මාවිල්මඩ රිසිකලා සෞන්දර්ය්‍ය විද්‍යාලය දිනා ගන්නා ලදී.


ජාතික ශිෂ්‍ය භට බලකායේ ජී බී ඩබ්ලිව් ජයසුන්දර, ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ සුභසාධක අධ්‍යක්ෂ එයාර් වයිස් මාර්ෂල් එම් එල් කේ පෙරේර, හිටපු අණෙදන නිලධාරී ගෘප් කැප්ටන් ඒ ජේ අමරසිංහ සහ උසස් නිළධාරීන් රැසක් මේ සදහා සහභාගී වන ලදී.


ගම්පහ බන්ඩාරනායක විදුහලේ 7/AW 0152 සැරයන් විජයානන්ද ඩී ටී යන අය හොඳම අණ දෙන්නා විය.


පදක්කම් හා තිලිණ ජයග්‍රාහකයෝ


අධ්‍යක්ෂ පරීක්ෂණය

පළමු ස්ථානය - ශාන්ත පීතර විද්‍යාලය කොළඹ

දෙවන ස්ථානය - බන්ඩාරනායක විද්‍යාලය ගම්පහ

තුන්වන ස්ථානය - රිසිකලා සෞන්දර්ය්‍ය විද්‍යාලය මාවිල්මඩ

 

බළඝණ සරඹ තරඟය

පළමු ස්ථානය - බන්ඩාරනායක විද්‍යාලය ගම්පහ

දෙවන ස්ථානය - පොරමඩුල්ල මධ්‍ය මහා විද්‍යාලය රිකිල්ලගස්කඩ

තුන්වන ස්ථානය - හේනේගම මධ්‍ය මහා විද්‍යාලය කැලණිය



    
තනි ආත්ම විශ්වාස පරීක්ෂණය
පළමු ස්ථානය - බටගොල්ල පුස්සදේව විද්‍යාලය වලපනේ

දෙවන ස්ථානය - ශාන්ත පීතර විද්‍යාලය කොළඹ

තුන්වන ස්ථානය - රිසිකලා සෞන්දර්ය්‍ය විද්‍යාලය මාවිල්මඩ


භටයින්ගේ නවාතැන් පරීක්ෂණය
පළමු ස්ථානය - ආනන්ද විද්‍යාලය කොළඹ

දෙවන ස්ථානය - ශාන්ත පීතර විද්‍යාලය කොළඹ

තුන්වන ස්ථානය - බන්ඩාරනායක විද්‍යාලය ගම්පහ



ශාරීරික ශක්ති පරීක්ෂණය
 
පළමු ස්ථානය - බන්ඩාරනායක විද්‍යාලය ගම්පහ

දෙවන ස්ථානය - දේවානම්පියතිස්ස විද්‍යාලය මොරගොල්ලාගම

තුන්වන ස්ථානය - පොරමඩුල්ල මධ්‍ය මහා විද්‍යාලය රිකිල්ලගස්කඩ


නාට්‍ය තරඟය

පළමු ස්ථානය - රාජකීය විද්‍යාලය කොළඹ

දෙවන ස්ථානය - ශාන්ත පීතර විද්‍යාලය කොළඹ

තුන්වන ස්ථානය - රිසිකලා සෞන්දර්ය්‍ය විද්‍යාලය මාවිල්මඩ



හොඳම අණ දෙන්නා
 7/AW 0152
සැරයන් විජයානන්ද ඩී ටී  හේනේගම මධ්‍යමහා විද්‍යාලය ගම්පහ

හොඳම වෙඩිකරු
7/AW 0152
සැරයන් විජයානන්ද ඩී ටී  බන්ඩාරනායක විද්‍යාලය ගම්පහ

තනි ආත්ම විශ්වාස පරීක්ෂණය (හොඳම ධාවකයා)
2 AW 0234 ගුවන් භට ධර්මරත්න අයි පී රිසිකලා සෞන්දර්ය්‍ය විද්‍යාලය මාවිල්මඩ

airforce_logo
ශ්‍රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්‍ෂකයෝ
National Defence College
© 2024 ශ්‍රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂකය . සියලුම හිමිකම් ඇවිරිණි