දැල්පන්දු ක්‍රීඩිකා චතුරංගනී මල්කාන්ති බෲනායි සංචාරයක
4:14am on Saturday 29th June 2013
ගුවන් හමුදා කාන්තා දැල්පන්දු කණ්ඩායමේ දක්ෂ ක්‍රීඩිකාවක් වන ගුවන් කාන්තා මල්කාන්ති ඊයේ (27) දින ජාතික දැල්පන්දු කණ්ඩායම හා එක්ව බෲනායි බලා පිටත්විය. ජුනි මස  30 වන දින සිට ජුලි මස 07 වෙනිදින දක්වා බෲනායි හි පැවැත්වෙන අටවන ආසියානු දැල්පන්දු ශුරතාවය සඳහා ශ්‍රී ලංකා කණ්ඩායම  සහභාගී වීමට නියමිතව ඇත.

ගුවන් කාන්තා චතුරංගනී මල්කාන්ති නියෝජනය කරමින් ගුවන් හමුදා කාන්තා දැල්පන්දු කණ්ඩායම 2011 වර්ෂයේ සිට මේ දක්වා පවත්වා ඇති ලංකාවේ ප්‍රධාන පෙලේ තරග සියල්ල ජය ගැනීමට ගුවන් හමුදා කණ්ඩායමට හැකිවිය.

ගුවන් කාන්තා චතුරංගනී ජාතික වෙරළ දැල්පන්දු සංචිතයේද සාමාජිකාවක් වන අතර ගුවන් හමුදා ක්‍රීඩක ක්‍රීඩිකාවන් හයදෙනෙකු ජාතික වෙරළ දැල්පන්දු ක්‍රීඩා සංචිතයේ සමාජිකයින් වීම විශේෂත්වයකි.


 
airforce_logo
ශ්‍රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්‍ෂකයෝ
National Defence College
© 2024 ශ්‍රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂකය . සියලුම හිමිකම් ඇවිරිණි