ඉන්දු ශ්‍රී ලංකා ගුවන් හමුදා අතර සුහද ක්‍රිකට් තරගාවලිය
10:35pm on Thursday 11th July 2013
ඉන්දීය ගුවන් හමුදා ක්‍රිකට් කණ්ඩායම හා ශ්‍රී ලංකා ගුවන් හමුදා ක්‍රිකට් කණ්ඩායම අතර සුහද ක්‍රිකට් තරගාවලියක් මෙ දින වල ගුවන් හමුදා කොළඹ කදවුරු රයිෆල් ග්‍රීන් කීඩාංගනයේදී පැවැත්වේ.මෙම තරගාවලිය සදහ පන්දු වාර 50 තරග දෙකක් හා පන්දුවාර 20-20 තරග දෙකක් පැවැත් වීමට නියමිතය.

මෙහි පලමු තරගය 2013 ජූලි මස 08 වන දින ගුවන් හමුදා රයිෆල් ග්‍රීන් ක්‍රීඩාංගනයේදී පැවැත් වින.මෙහි කාසිය වාසිය දිනාගත් ඉන්දීය කණ්ඩායම පළමුව පන්දුවට පහර දීමේ අවස්ථාව උදාකරගන්නා ලදී.මෙය පන්දුවාර 40 සීමා වූ අතර සිය පන්දුවර 40 අවසානයේ ලකුණු 195 ලබා ගැනීමට සමත් විය.මෙහිදී සෝමිත් සත්‍රජී ලකුණු ලකුණු 37,රජත් පලිවාල් ලකුණු 63 ලබා ගැනීමට සමත් විය.

සිය පිළිතුරු ඉණිම ආරම්භ කල ශ්‍රී ලංකා ගුවන් හමුදා කණ්ඩායම පන්දුවාර 39.1 තුලදී සියලු දෙන දැවී ලකුණු 182 ලබා ගැනීමට සමත් විය.

මීලග තරගය ජූලි මස 10 වන දින පැවැත්වීමට ඉයමිත අතර 20-20 තරග ජූලි මස 12 හා 13 දිනයන්හිදී  ගුවන් හමුදා කොළඹ කදවුරු රයිෆල් ග්‍රීන් කීඩාංගනයේදී පැවැත්වීමට නියමිතය.


airforce_logo
ශ්‍රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්‍ෂකයෝ
National Defence College
© 2024 ශ්‍රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂකය . සියලුම හිමිකම් ඇවිරිණි