ක්ෂණික ගුවන් ධාවනපථ අලූත්වැඩියා කිරීමේ පක‍ෂාංගය යලි ක්‍රියාකාරීවේ
10:45am on Sunday 14th July 2013
ගුවන් හමුදා ක්ෂණික ගුවන් ධාවනපථ අලූත්වැඩියා කිරීමේ පක‍ෂාංගය විසින් ගුවන් හමුදා චීන වරාය කදවුරු  අභ්‍යන්තර මාර්ග හා ගුවන් හමුදා චීන වරාය කදවුරු ගුවන් දාවන පථයේ පිවිසුම් කලාපයද තාර යොදමින් නිමාවට පත් කරන ලදී.

ගුවන් හමුදා ඉරනමඩු ගුවන් දාවන පථය සාර්තකව නිමාකර වැඩි කලක් ගතවන්නටත් පෙර ගුවන් හමුදා චීන වරාය කදවුරේ අභ්‍යන්තර මාර්ග ගුවන් ගමන් සිදුවන පර්යන්ත හා ඒ අවට කලපයන් තාර යොදා නිම කරන ලදී.මෙම සම්පුර්න ව්‍යපෘතිය සදහා මීටර් 1200 ප්‍රමානයක් ඇතුලත් වේ.

සාර්ථකව පවත්වාගෙන යන මෙම ක්ෂණික ගුවන් ධාවනපථ අලූත්වැඩියා කිරීමේ පක‍ෂාංගය සදහා විංග් කමාණ්ඩර් කේ.අයි.එස් ද සිල්වා විසින් අනදෙනු ලබන අතර මෙය ගුවන් හමුදා සිවිල් අධ්‍යක්ෂක එයාර් වයිස් මාර්ෂල් සී.ආර් ගුරුසිංහ මහතාගේ යටතේ පාලනය වේ.

 
airforce_logo
ශ්‍රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්‍ෂකයෝ
National Defence College
© 2024 ශ්‍රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂකය . සියලුම හිමිකම් ඇවිරිණි