ගුවන් හමුදාපති තුමන්ගේ වාර්ෂික පරීක්ෂනය චීනවරාය කදවුර හා මොර්වැව කදවුර
10:47am on Sunday 14th July 2013
ගුවන් හමුදාපති තුමන්ගේ වාර්ෂික ගුවන් හමුදා චීන වරාය විද්‍යාපීඨ කදවුර හා ගුවන් හමුදා මොරවැව කදවුර එයාර් මාර්ෂල් හර්ෂ අබේවික්‍රම මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත් වින.

චීනවරාය විද්‍යාපීඨ කඳවුරේ පිඨාධිපති එයාර් කොමඩෝර් එච්.එමෙස්.කේ.බී කොටකදෙනිය නිලධාරි තුමන්ගේ ප්‍රධානත්වයෙන් කදවුරු පරිෂ්‍රයට ගුවන් හමුදාපතිතුමා පිළිගන්නා ලදී.

කදවුරු පරිශ්‍රයම ආවරනය වන පරිදි ගුවන් හමුදාපති තුමන්ගේ වාර්ෂික පරීක්ශනය පැවැත් වූ අතරගුවන් හමුදාව වෙනුවෙන් පසුගිය වර්ෂය තුල කල විෂිශ්ඨ සේවාව අගයමින් බ්/සැරයන් සේනානායක ආර්.එම්.ආර්,සැරයන් දසනයක ඩී.එම්.පී.එස්, නා.ගු.භ දිසනයක ඩී.එම්.ආර් ,නා.ගු.භ අත්තනායක ඒ.එම්.එස්.කේ සහ එම්.පී ආරියසේන ගුවන් හමුදාධිපති සම්මානයෙන් පිදුම් ලැබීය.

අනතුරුව ගුවන් හමුදාපති තුමන් විසින් මොරවැව කදවුරේ වර්ෂික පරීක්ෂනය සදහා එක් වූ අතර මොරැව කඳවුරු අණදෙන නිලධාරී විංග් කමාන්ඩර් එච් ඩබ් ආර් චන්දිම විසින් කදවුරු පරිෂ්‍රයට ගුවන් හමුදාපතිතුමා පිළිගන්නා ලදී.අනතුරුව කදවුරු පරිශ්‍රයම ආවරනය වන පරිදි ගුවන් හමුදාපති තුමන්ගේ වාර්ෂික පරීක්ශනය පැවැත් වූ අතර වාර්ෂික පරීක්ෂනය අවසානයේ නිලධාරින් හා සෙසු නිලයන් අමතා ඔවුන්ගේ සේවයට ස්තුති පූර්වක කතාවක්ද පවත් වන ලදී.

ගුවන් හමුදා චීන වරාය විද්‍යාපීඨ කදවුර





ගුවන් හමුදා මොරවැව කදවුර

airforce_logo
ශ්‍රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්‍ෂකයෝ
National Defence College
© 2024 ශ්‍රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂකය . සියලුම හිමිකම් ඇවිරිණි