යුද්ධයේදී මියගිය සේවා පුද්ගලයින්ගේ ලගම ඥාතීන් වෙනුවෙන් මුදල් ආධාර
12:39am on Friday 19th July 2013
ගුවන් හමුදාධිපති එයාර් මාර්ෂල් එච් ඩී අබේවික්‍රම මැතිතුමාගේ සංකල්පයකට අනුව යුද්ධයේදී මියගිය හා අභාදිත වූ සේවා පුද්ගලයින්ගේ ලගම ඥාතීන් කල ඉල්ලීම් සලකා බලා ඔවුන්ගේ අනාගතය වෙනුවෙන් මුදල් ආධාර ලබා දීමක්, සේවා වනිතා ඒකකයේ ගරු සභාපතිනී නිලීකා අබේවික්‍රම මැතිනිය අතින් සිදු කරන ලදී.

2013 ජූලි මස 18 වෙනි දින ගුවන් හමුදා මුලස්ථානයේ පැවති මෙම උත්සවයේදී මිය ගිය ගුවන් භටයින් දෙදෙනෙකුගේ ලගම ඥාතීන් වෙත රණවිරු සුභසාධක අරමුදලින් මුදල් ආධාර සහ අභාධිත රණවිරුවන් දෙදෙනෙකු වෙනුවෙන් මධ්‍යම සුභසාධක හා පුනරුත්ථාපන අරමුදලින් මුදල් ආධාර ලබා දෙන ලදී.

මෙම උත්සව අවස්ථාව සඳහා සුභ සාධක අධ්‍යක්ෂක එයාර් වයිස් මාර්ෂල් එම් එල් කේ පෙරේරා, නිළධාරීන් සහ සෙසු නිළයන් ඇතුළු මියගිය සේවා පුද්ගලයින් ගේ ලගම ඥාතීන් සහභාගී විය.

airforce_logo
ශ්‍රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්‍ෂකයෝ
National Defence College
© 2024 ශ්‍රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂකය . සියලුම හිමිකම් ඇවිරිණි