රාජකීය ගුවන් හමුදාවේ 160 වන බළඝණයට අයත් ප්‍රවීණයන් ඇතුළු පිරිස අද ගුවන් හමුදා කෞතුකගාරයෙහි සංචාරයක නිරත විය.
8:30pm on Tuesday 30th March 2010
රාජකීය ගුවන් හමුදාවේ 160 වන බලඝනයට අයත් වූ බී 24 බෝම්බ දමන ගුවන් යානා රත්මලාන, සීගිරිය,කන්කසන්තුරේ, මින්නේරිය, චීනවරාය යන කඳවුරු වල සිට පැදවූ ප්‍රවීණයන් පිරිසක්  අද ශ්‍රී ලංකා ගුවන් හමුදා කෞතුකාගාරය නැරඹීමට ගියහ.

මෙම සංචාරයට අයත් වූ පිරිස අතර රාජකීය ගුවන් හමුදාවේ ප්‍රවීණයන් 12 දෙනෙකුද, වැන්දඹුවන් දෙදෙනෙකුද, බිරින්දෑවරු හතර දෙනෙකු සහ අනෙකුත් කිහිප දෙනෙකු ඇතුලත් වූ මොවුහු රාජකීය ගුවන් හමුදාව,රාජකීය ශ්‍රී ලංකා  ගුවන් හමුදාව,රාජකීය සහායක ගුවන් හමුදාව හා රාජකීය නවසීලන්ත ගුවන් හමුදාවන්ට අයත් විය.

32 දෙනෙකුගෙන් යුතු මෙම කණ්ඩායම 2010 මාර්තු මස 20 වෙනි දින දිවයිනට පැමිණි අතර අප්‍රේල් මස 01 වන දින  පිටවීමට පෙර ශ්‍රී ලංකා ගුවන් හමුදා කඳවුර කිඹිස්ස ලෙසින් හැඳින් වූ සීගිරිය ගුවන් හමුදා කඳවුරත්, චීන වරාය ගුවන් හමුදා කඳවුරත්, හිඟුරක්ගොඩ ගුවන් හමුදා කඳවුරත්, ගුවන් හමුදා කෞතුකගාරය සහ රත්මලාන ගුවන් තොටුපල
ත් නරඹා  අවසන් කරනු ඇත.

අද දින මොවුන් සමග මාධ්‍ය සාකච්ඡාවක් ගල්කිස්ස හොටලයේදී  පවත්වනු ලැබිණි.


Royal Air Force Veterans Visit Sri Lanka Air Force MuseumRoyal Air Force Veterans Visit Sri Lanka Air Force MuseumRoyal Air Force Veterans Visit Sri Lanka Air Force MuseumRoyal Air Force Veterans Visit Sri Lanka Air Force MuseumRoyal Air Force Veterans Visit Sri Lanka Air Force MuseumRoyal Air Force Veterans Visit Sri Lanka Air Force MuseumRoyal Air Force Veterans Visit Sri Lanka Air Force MuseumRoyal Air Force Veterans Visit Sri Lanka Air Force MuseumRoyal Air Force Veterans Visit Sri Lanka Air Force MuseumRoyal Air Force Veterans Visit Sri Lanka Air Force MuseumRoyal Air Force Veterans Visit Sri Lanka Air Force MuseumRoyal Air Force Veterans Visit Sri Lanka Air Force MuseumRoyal Air Force Veterans Visit Sri Lanka Air Force Museum

airforce_logo
ශ්‍රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්‍ෂකයෝ
National Defence College
© 2024 ශ්‍රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂකය . සියලුම හිමිකම් ඇවිරිණි