ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායමට ගුවන් හමුදා ක්‍රීඩකයින් තෙරි පත්වේ.
2:23am on Saturday 20th July 2013
අය්‍රලන්තයේ පැවැත් වීමට නියමිතා කාන්තා 20-20 ලෝක කුසලානයේ සුදුසුකම් ලැබීමේ තරගාවලිය සදහා සහභාගි වන ජාතික කණ්ඩායම දිවඉනෙන් පිටත්ව යන ලදී.මෙම තරගාවලිය ජූලි මස 20 සිට අගෝස්තු මස 03 වන දින දක්වා පැවැත්වීමට නියමිතය. මෙම ශ්‍රී ලංකා ජාතික කණ්ඩායම සදහා ගුවන් හමුදා ක්‍රීඩිකාවන් සය දෙනෙකුගෙන් හා නාවික හමුදාවේ ක්‍රීඩකයින් සතර දෙනෙක් හා යුධ හමුදාවේ ක්‍රීඩිකාවන් 02 ද සමන් විත වේ.

ජාතික කණ්ඩායෑඅ නායකත්වය නාවික හම්මුදා ක්‍රීඩිකා සාමාන්‍ය නැවි සශිකල සෙව්වන්දි විසින් හොබවන අතර,එහි උප නායකත්වය සාමාන්‍ය නැවි ඒෂාන් ලොකුසූරිය විසින් හොබවනු ලබයි.

මෙම තරගාවලිය ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය මගින් සංවිධානය කරනු ලබන අතර කණ්ඩායම් "ඒ" යටතේ පකිස්තානය, නෙදර්ලන්තය, තායිලන්තය හා සිම්බාබ්වේ ඇතුලු වන අතර "බී" කණ්ඩායම සදහා ශ්‍රී ලංකාව, අයර්ලන්තය, කැනඩාව සහ ජපානය අන්තර්ගත වේ.

ශ්‍රී ලංකා කණ්ඩායම එකසත් රාජධානි කාන්තා විද්‍යාපීඨ කණ්ඩායම සමග පුහුණු තරග තුනකටද ස්සහභාගි වීමට නියමිතය.


මනෝදරා ඒ.ඩී.ඩී.එස්      රණසිංහ ඕ.යූ                   අතපත්තු ඒ.එම්.සී.ජේ.කේ


වීරක්කොඩි ඩබ්.එස්.එස්  මෙන්ඩිස් බී.වයි.ඒ           සෙනවිරත්න සී.ආර්

airforce_logo
ශ්‍රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්‍ෂකයෝ
National Defence College
© 2024 ශ්‍රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂකය . සියලුම හිමිකම් ඇවිරිණි