රනවිරු රියල් ස්ටාර් (මෙහෙයුම III ) මාධ්‍ය දැනුවත් කිරීමේ වැඩසටහන
10:04pm on Tuesday 23rd July 2013
ත්‍රිවිද හමුදා සාමාජිකයින්ගේ සැගවුනු දක්ෂතා එලිදැක්වීමේ රියැලිටි වැඩසටහන වන "රණවිරු රියල් ස්ටාර් මෙහෙයුම III" හි අවසන් මහ තරගය පිලිබදව මාධ්‍ය දැනුවත් කිරීමේ වැඩසටහනක් ජාතික ආරක්ෂාව පිළිබදව මාධ්‍ය මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂක ජෙනරාල් ලක්ෂ්මන් හුලුගල්ල මහතාගේ ප්‍රධානත්වයෙන් කොළඹ ගලදාරී හෝටල් පරිශ්‍රයේදී පැවැත් වින.

"රණවිරු රියල් ස්ටාර් මෙහෙයුම ඓඓඓ" අවසන අධියර ජූලි මස 27 වන දින පැවැත්වීමට නියමිත අතර ජාතික රූපවාහිනි නාලිකාව මගින් මෙය සජීවීව විකාශනය කරනු ලබයි.තරගාවලියේ ප්‍රථම ස්ථානය සදහා රුපියල් මිලියන 20 වටිනා නිවසක් ද,දෙවන ස්ථානය සදහා රුපියල් මිලියන 6.7 වටිනා මෝටර් රතයක් මෙන්ම මුදලින් රුපියල් ලක්ෂයක් ද ලබදෙනු ලබයි.තෙවන ස්ථානය සදහා මිලියන 03 ද,04 හා 05 ස්ථාන සදහා රුපියල් ලක්ෂ පහක මුදලක් හා අගල් 32 රුපවාහිනි යන්ත්‍ර දෙකක්ද ලබා දීමට කටයුතු කරනු ලබයි.

අවසන් අධියරට තෙරී පත් වී ඇති තරගකරුවන් 05 අතරට යුධ හමුදාව නියෝජනය කරමින් ලාන්ස් කෝප්‍රල් චමින්ද කුමාර රජපක්ෂ, ලාන්ස් කෝප්‍රල් නදීෂ් සසංග, කෝප්‍රල් මනෝජ් ප්‍රසන්න, ගුවන් හමුදාව නියෝජනය කරමින් නා.ගු.භ තුෂානි පෙරේරා, නාවික හමුදාව නියෝජනය කරමින් වාදක ශිල්පී දනුක රණසිංහ තෙරිපත් වී ඇත.

ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී එයාර් චිෆ් මාර්ෂල් රොෂාන් ගුණතිලක, නාවික හමුදාපති වයිස් අද්මිරාල් ජයනාත් කොලඹගේ, ගුවන් හමුදාධිපති එයාර් මාර්ෂල් හර්ෂ අබේවික්‍රම, යුධ හමුදාපති නියෝජනය කරමින් ජෙනරාල් ජගත් ඩයස්,ත්‍රිවිද හමුදා ජේෂ්ඨ නිලධාරීන්, විනිෂ්‍ය මණ්ඩලය,තරගකරුවන් හා අනුග්‍රාහක භවතුන් ද මේ අවස්ථාවට එක් වී සිටියහ.

airforce_logo
ශ්‍රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්‍ෂකයෝ
National Defence College
© 2024 ශ්‍රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂකය . සියලුම හිමිකම් ඇවිරිණි