ගුවන් ප්‍රතිභා ප්‍රභා 2013 අර්ධ අවසාන තරඟ වටය
4:38am on Monday 29th July 2013
“ගුවන් ප්‍රතිභා ප්‍රභා 2013 අර්ධ අවසාන තරඟ වටය“  2013 ජුලි මස 25 සහ 24 යන දිනයන්හිදී ශ්‍රී ලංකා ගුවන් හමුදාව කටුනායක කඳවුරේදී පවත්වනු ලැබීය. මෙම තරඟය සඳහා ගායක ගායිකාවන් 30ක් හා රංගන යුගලයන් 12 ක් සහභාගී වූ අතර ඉන් අවසන් වටය සඳහා ගායකයින් පස්දෙනෙකු හා රංගණ යුගල පහක් සුදුසුකම් ලැබීය‍.

 

තරඟකරුවන් විනිශ්චය කිරීම සඳහා කුමාරි මුණසිංහ මහත්මිය, ඉන්දිකා උපමාලි මහත්මිය හා ලලිත් පොන්නම්පෙරුම මහතා සහභාගී වූ අතර රංගණයන් විනිශ්චය කිරීම සඳහා කෙවින් නුගේරා මහතා, චන්දිම සිරිවර්ධන මහතා හා ජේඩ් ජිගෙන්ස් මහත්මිය සහභාගී වූහ. එමෙන්ම නාට්‍යයන් විනිශ්චය කිරීම සඳහා මැණිකේ අත්තනායක මහත්මිය, සනත් විමලසිරි මහතා සහ සහන් රන්වල මහතා සහභාගී විය.

ගුවන් ප්‍රතිභා ප්‍රභා වැඩසටහන 2011 වසරේදී ශ්‍රී ලංකා ගුවන් හමුදා සේවා වනිතා ඒකකයේ සභාපතිනී ගරු නීලිකා අබේවික්‍රම මැතිනියගේ සංකල්පයක් මත ආරම්භ වූ අතර එහි පරමාර්ථය වූයේ ගුවන් හමුදා සේවා පුද්ගලයින්ගේ ඒ අයගේ පවුල් සාමාජිකයින්ගේ ගායන, රංගන යන හැකියාවන් ඉිදිරියට ලෙන යෑමයි.




නාට්‍ය තරඟෙය් ජයග්‍රහකයෝ
පළමු ස්ථානය - ශ්‍රී ලංකා ගුවන් හමුදා විද්‍යාපීඨය චීනවරාය “ගුරු ගෝල“
දෙවන ස්ථානය - ශ්‍රී ලංකා ගුවන් හමුදාව කටුකුරුන්ද “අන්දෝරිස්ගේ මනමාලී“
තුන්වන ස්ථානය - ශ්‍රී ලංකා ගුවන් හමුදා කඳවුර වවුනියාව “ එලයින්මන්ට් යකා“

හොඳම නළුවා - කැඩෙට් නිලධාරී  අසංග ඩී වයි ශ්‍රී ලංකා ගුවන් හමුදා විද්‍යාපීඨය චීනවරාය
හොඳම නිළිය ගුවන් කාන්තා කුමාරිහාමි ඩී කේ ඕ සී වෘත්තීය පුහුණු පාසල ඒකළ

ගායනය හා නැටුම් තරඟ

ගායනය
සැරයන් පියදර්ශණ එච් ඩී එන් සී ශ්‍රී ලං ගුහ දියතලාව
නා ගු භ තිලකසිර එස් එන් සී වෘත්තීය පුහුණු පාසල ඒකළ
නා ගු භ මදුරංග ටී ඩබ් ඩී පී ශ්‍රී ලංකා ගුවන් හමුදා විද්‍යාපීඨය චීනවරාය
නා ගු භ අජිත් කුමාර එබ් එම් එන් පී ශ්‍රී ලං ගුහ කටුනායක


නැටුම්

එයාර් කොමඩෝර් සී පී වැලිකල සහයක වැලිකල මහත්මිය - ශ්‍රී ලංගු හ කොළඹ
විං කමාන්ඩර් එස් එස් එන් ඩයස් සහාය ස්කෝඩ්‍රන් ලීඩර් එම් එල් එන් දිශාන්ත ශ්‍රී ලංගු හ කොළඹ
ෆ්ලයිට් ලෙෆ්ටිනන් ආර් වී රණවීර සහාය ෆ්ලයිං ඔෆිසර් ඒ එල් එම් ඒ ලියනාරච්චි ශ්‍රී ලං ගුහ රත්මලාන
ෆ්ලයිං ඔෆිසර් ජී වී ජෝශප් සහාය ජෝශප් මහත්මිය ශ්‍රී ලං ගුහ කටුනායක
ඔෆිසර් කැඩෙට් ඩි සිල්වා එන් එච් සහාය ඔෆිසර් කැඩෙට් ඇරැව්වල ඒ එම් එල් ශ්‍රී ලං ගු හ විද්‍යාපීඨය චීන වරාය

airforce_logo
ශ්‍රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්‍ෂකයෝ
National Defence College
© 2024 ශ්‍රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂකය . සියලුම හිමිකම් ඇවිරිණි