මොරවැව දුෂ්කර පාසල් සඳහා පරිගණක පහසුකම්
2:47am on Friday 2nd August 2013
ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ සේවා වනිතා ඒකකය මගින් මොරවැව ප්‍රදේශයේ පාසල් දෙකක් වන අව්වෙනර් දෙමළ විදුහල හා මොරවැව සිංහල මාහා විද්‍යාලය සඳහා 2013 ජූලි මස 29 වන දින පරිගණක ලැබ් දෙකක් ඉදිකර ප්‍රදානය කරන ලදී.

ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ සේවා වනිතා ඒකකයේ උපදෙස් මත මොරවැව දුශ්කර පාසල් සඳහා මෙම පරිඝණක ලැබ් ඉදි කෙරුණු අතර ඒ සඳහා අවශ්‍ය පිරිස් බලය ශ්‍රී ලංකා ගුවන් හමුදාව මොරවැව කඳවුරෙන් අනුයුක්ත කරන ලදී. තවද මේ සඳහා අවශ්‍ය මූල්‍යමය දායකත්වය කොමර්ෂල් බැංකු මූලස්ථානයේ සී එස් ආර් ඒකකය මගින් ලබා දෙන ලදී. මෙහිදී අව්වෙනගර් දෙමල විද්‍යාලය සඳහා අංග සම්පූර්ණ පරිඝණක දෙකක්ද පින්ටරයක් හා පරිගණක මේස හා පුටු දෙක බැගින්ද ලබා දුන් අතර මොරවැව සිංහල මහා විද්‍යාලය සඳහා පරගණක තුනක්, මුද්‍රන යන්ත්‍රයක් හා පරිගණක මේස හා පුටු තුන බැගින්ද ලබා දෙන ලදී.

ශ්‍රී ලංකා ගුවන් හමුදා සේවා වනිතා ඒකකයේ සභාපතිනී ගරු නීලිකා අබේවික්‍රම මහත්මිය ප්‍රධාන ආරාධිත අමුත්තා වශයෙන් සහභාගී වීය. තවද සුභසාධන අධ්‍යක්ෂක එයාර් වයිස් මාර්ෂල් එම් එල් කේ පෙරේරා, විධායක සුභසාධක නිලධාරී එයාර් කොමඩෝර් එබ්ලිව් එල් ආර් පී රොද්‍රිගෝ ශ්‍රී ලංකා ගුවන් හමුදාව මොරවැව කඳවුරේ අණදෙන නිලධාරී විං කමාන්ඩර් එච් ඩබ්ලිව් ආර් චන්දිම, ප්‍රධාන මානව සම්පත් කලමණාකාර ඉසුරු තිලකවර්ධන මහතා කොමර්ෂල් බැංකුවේ ප්‍රධාන මෙහෙයුම් කළමණාකාර ප්‍රියන්ති පෙරේරා මහත්මිය, ගුවන් හමුදා සේවා වනිතා ඒකකයේ සාමාජික සාමාජිකාවන්, ශ්‍රී ලංකා ගුවන් හමුදාව මොරවැව ඒකකයේ සේවා පුද්ගලයින් හා පාසල් සිසු දරු දැරියන්ගේ දෙමව්පියන් මෙම උත්සව අවස්ථාවට සහභාගී වන ලදී.

Awwenagar Tamil Vidyalaya



Morawewa Sinhala Maha Vidyalaya

airforce_logo
ශ්‍රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්‍ෂකයෝ
National Defence College
© 2024 ශ්‍රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂකය . සියලුම හිමිකම් ඇවිරිණි