ශ්‍රී ලංකා ගුවන් හමුදා වාර්ෂික මර්ග ධාවන තරඟ 2013
5:36am on Tuesday 6th August 2013
ශ්‍රී ලංකා ගුවන් හමුදා වාර්ෂික මර්ග ධාවන තරඟ 2013 තරඟාවලියේදී ශ්‍රී ලංකා ගුවන් හමුදාව දියතලාව  කඳවුර සමස්ථ පිරිමි තරඟයේ ලකුණු 25 ක් ලබා ගනිමින් එයාර් මාර්ෂල් හර්ෂ අබේවික්‍රම අභියෝගතා කුසලානය දිනා ගනිමින් ප්‍රථම ස්ථානයට පැමිනෙන ලදී. එහිදී ලකුණු 15 ක් ලබා ගනිමින් ශ්‍රී ලංකා ගුවන් හමුදා කඳවුර අණුරාධපුර දෙවන ස්ථානයටත්, ශ්‍රී ලංකා ගුවන් හමුදාව පලාලි කඳවුර ලකුණු 10ක් ලබා ගනිමින් තුන්වන ස්ථානයටත් පත් විය.

ශ්‍රී ලංකා ගුවන් හමුදා කඳවුරු/ ඒකක/ ස්ථාන නියෝජනය කරමින් නිලධාරී, ගුවන් භටයින් හා ගුවන් කාන්තාවන් 450 පමණ මෙම තරඟ සඳහා සහභාගී වන ලදී. වයස අවුරුදු 35 අඩු කාණ්ඩායම් තරඟ නිදහස් චතුරශය ඉදිරිපිටදී ආරම්භ කරනු ලැබූ අතර එදිහී ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ මෙහෙයුම් අධ්‍යක්ෂක එයාර් වයිස් මාර්ෂල් ජී පී බුලත්සිංහල මහතාගේ විසින් ආරම්භක විධානය ලබා දෙන ලදී.

නිදහස් චතුරශ්‍රෙය් සිට කි. මී 7 ක දුර ප්‍රමාණයක් තරඟය පැවැත් වූ අතර එහි ගමන් මඟ වූයේ නිදහස් චතුරශ්‍රය, සිනමන් ග්‍රෑන්ඩ් පොලිස් ස්ථානය, කැම්පස් පිටිය, කෞතුකාගාරය ඉදිරිපිට පාර, පුස්ථකාල වට රවුම, පිත්තල හන්දිය, ගංගාරාම පාර, නවලෝක හංදිය, කොම්පඤ්ඤවීදය කලර් ලයිට්, කොම්පඤ්ඤවීදය පොලීසිය යන මාවත දිගේ ශ්‍රී ලංකා ගුවන් හමුදා රයිෆල් ග්‍රීන් ක්‍රීඩා පිටියෙන් අවසන් කරන ලදී.

වයස අවුරුදු 35 වැඩි පිරිමි හා කාන්තා තරඟ සඳහා ආරම්භක විධානය  ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ සුභසාධක අධ්‍යක්ෂක  එයාර් වයිස් මාර්ෂල් එම් එල් කේ පෙරේරා මහතා විසින් ලබා දුන් අතර එය ගාමිණී ශාලාව මංසන්ධියෙන් ආරම්භ කරන ලදී. ගාමිණී ශාලාව මංසන්ධිය, සම්පත් බැංකුව, ලේක් හවුස් වට රවුම හරහා පැමිණ ශ්‍රී ලංකා ගුවන් හමුදා රයිෆල් ග්‍රීන් ක්‍රීඩා පිටියෙන් තරඟය අවසන් වූ අතර එහි දුර ප්‍රමාණය කි. මී 2කි.

ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ ප්‍රධාන මාණ්ඩලික නිලධාරී  එයාර් වයිස් මාර්ෂල් කේ ඒ ගුණතිලක මහතා ප්‍රධාන ආරාධිත අමුත්තා වශයෙන් සහභාගී වූ අතර, මෙහෙයුම් අධ්‍යක්ෂක එයාර් මාර්ෂල් ජී පී බලත්සිංහල, සුභසාධන අධ්‍යක්ෂ එයාර් වයිස් මාර්ෂල් එම් එල් කේ පෙරේරා, ශ්‍රී ලංකා ගුවන් හමුදාව කොළඹ කඳවුරේ අණදෙන නිලධාරී එයාර් කොමඩෝර් ඩී ජේ සී වීරකෝන්, ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ මළල ක්‍රීඩා සභාපති එයාර් කොමඩෝර් එස් කේ පතිරණ, ගුවන් හමුදා ක්‍රීඩා සංගමෙය් සභාපති ගෘප් කැප්ටන් ආර් එස් බියන්වල, විධායක ක්‍රීඩා නිලධාරී ගෘප් කැප්ටන් රවිහංස සහ තවන් නිලධාරීන් හා සෙසු නිලයන් සහභාගී වන ලදී.


තරඟ ප්‍රතිඵලයන්


සමස්ථ තරඟ ජය පිරිමි
ශ්‍රී ලංකා ගුවන් හමුදාව දියතලාව - ලකුණු 25

 

දෙවන ස්ථානය
ශ්‍රී ලංකා ගුවන් හමුදා කඳවුර අණුරාධපුර - ලකුණ 15

තුන්වන ස්ථානය
ශ්‍රී ලංකා ගුවන් හමුදාව පලාලි - ලකුණු 10

 

සමස්ථ ජයග්‍රහණය කාන්තා
ශ්‍රී ලංකා ගුවන් හමුදාව දියතලාව සහ ශ්‍රී ලංකා ගුවන් හමුදාව කොළඹ - ලකුණු 22

තුන්වන ස්ථානය
ශ්‍රී ලංකා ගුවන් හමුදාව පලාලි ලකුණු 10


සමස්ත ජය -පිරිමි මාර්ග ධාවන තරඟ
42548 ගුවන් භට ඥානපාල - ශ්‍රී ලංකා ගුවන් හමුදාව දියතලාව

සමස්ත තරග ජය - කාන්තා මාර්ග ධාවන තරඟ
ඒ ඩබ්ලිව් 01755 නාගුභ සමරවීර බී ජී සී පී - ශ්‍රී ලංකා ගුවන් හමුදාව දියතලාව





Gamini Hall Junction




Award Ceremony

airforce_logo
ශ්‍රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්‍ෂකයෝ
National Defence College
© 2024 ශ්‍රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂකය . සියලුම හිමිකම් ඇවිරිණි