තරුණ ගුවන් යානා සමාජය සඳහා තවත් ළමයින් කණ්ඩායමක්
6:21am on Thursday 8th August 2013
මූලික ගුවන් යානා දැණුම පිලිබඳ වැඩමුළුවක් ශ්‍රී ලංකා ගුවන් හමුදාව රත්මලාන කඳවුරේ ගුවන් ශ්‍රී ලංකා ගුවන් හමුදා කෞතුකාගාරයේදී 2013 අගෝස්තු මස 03 වන දින සිට 05 වන දින දක්වා පවැත්වින. දිවයිනේ විවිධ පාසල්වලින් පැමිණි ළමයින් 59 දෙනෙකු මේ සඳහා සහභාගී වන ලදී. මෙයට සහභාගී ළමයින් සඳහා  දේශණා, නිදර්ශන හා ගුවන් යානා පිළිබඳ මූලික දැණුම ලබා දෙන ලදී.

මෙම වැඩමුළුව මගින් ගුවන් යානා තාක්ෂණය පිළිබඳ මූලික දැණුම, ගුවන් යානා වැඩි දියුණු කිරීම, පණිවුඩ හුවමාරු ක්‍රම ඇතුළු විශේෂාංග රැසක දැනුම ළමයින් හට ලබා දුන් අතර රත්මලාන කඳවුරේ පිහිටි ගුවන් යානා ඉංජිනේරු පක්ෂාංගය හා රත්මාල කඳවුරේ පිහිටි ගුවන් ගමන් පාලණ කළුණ නරඹීම සඳහාද සහභාගී වූ පහුණුවන්නන්හඩ අවස්ථාව හිමි විය.

දේශන හා පුහුණු අවස්ථාවන් ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ පළපුරුදු ඉංජිනේරුවන්, ගුවන් නියමුවන්, හා කාර්මිකයින් විසින් පවත්වන ලදී.

airforce_logo
ශ්‍රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්‍ෂකයෝ
National Defence College
© 2024 ශ්‍රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂකය . සියලුම හිමිකම් ඇවිරිණි