ශ්‍රී ලංකා ගුවන් හමුදාව මුලතිව් කඳවුර 02වන සංවත්සරය සමරයි
6:22am on Thursday 8th August 2013
ශ්‍රී ලංකා ගුවන් හමුදාව මුලතිව් කඳවුර 2013 අගෝස්තු මස 03 වන දින 02වන සංවත්සරය සමරන ලදී. ශ්‍රි ලංකා ගුවන් හමුදාව මුලතිව් කඳවුර 2009 ජූනි මස 26 වන දින පිහිටුවනු ලැබූ අතර එහි 2011 අගෝස්තු මස 03  වන දින කඳවුර ස්ථාපිත කරන ලදී. මෙම සංවත්සරය සැමරීම සඳහා 27 වන රෙජිමේන්තු බලඝණය මිගින් මුලතිව් ප්‍රදේශයේ පොන්නගර් යන ගම්මානයේ වැසියන් සඳහා දිවා ආරය සංවිථානය කරන ලදී. තවද කඳවුරේ සියළු නිලයන් අළලා ක්‍රිකට් තරඟයක් පැවැත් වූ අතර සියළු නිලයන් සඳහා දිවා ආහාරයද සංවිධානය කර තිබිණ.

මෙම අවස්ථාවේ ප්‍රධාන ආරාධිත අමුත්තා වශයෙන් කඳවුරේ වැඩ බලන අණදෙන නිලධාරී ස්කෝඩ්‍රන් ලීඩර් ඩබ්ලිව් එම් ඩී ජී සී පී කේ වර්ණසූරිය සහභාගී වූ අතර 37 වන රෙජිමේන්තු පක්ෂාංගයේ අණදෙන නිලධාරී ස්කෝඩ්‍රන් ලීඩර් පී එස් ඇලෙක්ස්සැන්ඩර් අතුළු කඳවුරේ සියළුම නිලධාරීන්ද සෙසු නිලයන්ද මෙම අවස්ථාවට සහභාගී වන ලදී.

airforce_logo
ශ්‍රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්‍ෂකයෝ
National Defence College
© 2024 ශ්‍රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂකය . සියලුම හිමිකම් ඇවිරිණි