නව ආරක්ෂක මාන්ඩලික ප්‍රධානී ගුවන් හමුදා මූලස්ථානයේ සංචාරයක
6:25am on Thursday 8th August 2013
ආරක්ෂක මාණිඩලික ප්‍රධානී ජෙනරාල් ජගත් ජයසූරිය මහතා 2013 අගෝස්තු මස 07 වන දින ශ්‍රී ලංකා ගුවන් හමුදා මූලස්ථානයේ සංචාරයක නිරත වෙමින් ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ ගුවන් හමුදාධිපති එයාර් මාර්ෂල් හර්ෂ අබේවික්‍රම මහතා හමුවීය. එහිදී ආරක්ෂක මාණිඩලික ප්‍රධානී ජෙනරාල් ජගත් ජයසූරිය මහතා වෙනුවෙන් ගුවන් හමුදා උත්තමාචාර පිරිනමන ලදී.

ගුවන් හමුදාධිපති එයාර් මාර්ෂල් හර්ෂ අබේවික්‍රම මහතා එතුමන්ව පිලිගනු ලැබූ අතර මෙම හමුව සිහිවීම පිණිස දෙදනා අතර සමරු ඵලක හුවමාරුවක්ද සිදු කෙරිණ. මෙම අවස්ථාව සඳහා ගුවන් හමුදා අධ්‍යක්ෂක මණ්ඩලයද සහභාගී විය.


airforce_logo
ශ්‍රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්‍ෂකයෝ
National Defence College
© 2024 ශ්‍රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂකය . සියලුම හිමිකම් ඇවිරිණි