පැසිෆික් ඒන්ජල් 2013 - ශ්‍රී ලංකා ගුවන් හමුදාවල,ඇමරිකා එක්සත් ජනපද ගුවන් හමුදාව සමග සිදු කරනු ලබන වැඩසටහන
10:12pm on Friday 9th August 2013
ශ්‍රී ලංකා ගුවන් හමුදාවල ඇමරිකා එක්සත් ජනපද ගුවන් හමුදාවේ පැසිපික් ගුවන් අණ හා ඒකාබද්ධව සිදුකරන පැසිෆික් ඒන්ජල් 2013 මෙවර ශ්‍රී ලංකාවේ යාපනය ප්‍රදේශය කේන්ද්‍ර කරගනිමින් 2013 අගෝස්තු මස 5 වන දින සිට 11 දක්වා පැසිෆික් කලාපයේ රටවල්වල ජනජීවිත ගොඩනැංවීමේ අරමුණින් ගොඩනැගිලි අලූත්වැඩියා කිරීම් හා වෛද්‍ය සායන ඇතුළු වැඩසටහන් යාපනය ප්‍රදේශයේදි ආරමිභ කෙරින. මේ සඳහා ශ්‍රී ලංකා ත්‍රිවිධ හමුදාව නියෝජනය කරමින් ඉංජිනේරු සහ වෛද්‍ය කණ්ඩායම්ල ඇමරිකා එක්සත් ජනපද ගුවන් හමුදාවේ පැසිෆික් ගුවන් අණ භට පිරිස් සමග ඒකාබද්ධව 2013 අගෝස්තු මස 05 වන දින සිට 10 වන දින දක්වා මෙම වැඩසටහන ක්‍රියාත්මක කිරීමට නියමිත අතර මෙම වැඩසටහන අධීක‍ෂණය කිරීම සඳහා විවිධ රටවල් නියෝජනය කරමින් නිරීක‍ෂණ කණ්ඩායම් ද මෙ අවස්ථාවට එක්ව ඇත.



ප්‍රදේශයේ ජනතාවගේ සෞඛ්‍යය තත්වය නංවාලීමේ අරමුණින් ඔවුන්ගේ මුලික සෞඛ්‍ය ගැටලු වෙනුවෙන් ප්‍රථීකාර කිරීම් අක්ෂි සහ දන්ත සෞඛ්‍ය වැඩසටහන් ක්‍රීයාත්මක කිරීම යටතේ වෛද්‍යසාඅයනයේ ප්‍රථම අධියර අගෝස්තු මස 05 වන දින යාපනයේ චිත්තුම් සංස්කෘතික ශාලාවේදී පැවැත් වින. මේ අවස්ථාව සදහා ජාත්‍යන්තර විශේෂඥ වෛද්‍යවරුන් හා ආසියානු පැසිෆික් ගුවන් හමුදා,ඕස්ට්‍රේලියාව,බන්ගලාදේශය,මාලදිවයින් හෙද සේවක සේවිකාවන්ගෙන් සමන්විත කණ්ඩායමක් වීසින් මෙහෙයවනු ලබයි.මෙම කණ්ඩායම් අතරට ශ්‍රී ලංකාව නියෝජනය කරමින් වෛද්‍යවරුන් දෙදෙනෙක්,සෞඛ්‍ය අමාත්‍යංශයේ විශේෂඥ වෛද්‍යවරුන් තිදෙනෙකුගෙන් සමන්විත 14  කණ්ඩායමක්ද,යුධ හමුදාව නියෝජනය කරමින් එක් වෛද්‍යවරයෙකුගෙන් සමන්විත යුධ හමුදා සමාජිකයින් 08 සමන්විත කණ්ඩායමක්ද,එක් වෛද්‍යවරයෙකුගෙන් සමන්විත නාවික හමුදා සමාජිකයින් 08 සමන්විත කණ්ඩායමක්ද,ගුවන් හමුදා වෛද්‍ය නිලධාරින් 03 ඇතුලුව 15 සමන්විත කණ්ඩායමක්,හා මීට අමතරව රතුකුරුස සාමජිකයින් හා වෛද්‍ය සිසුන්  ද මේ අවස්ථාවට එක් විය.



මෙම වෛද්‍ය සායනයට සහභාගි වූ පුද්ගලයින් ඔවුන්ගේ රෝග තත්වය අන්ජුව වෙන් වෙන් වශයෙන් මූලික සෞඛ්‍ය ගැටලු,අක්ෂි සායනය.දන්ත වෛද්‍ය සායන යටතේ නොමිලේ ප්‍රතිකාර ලබන ලදී.තවද මෙම අවස්ථාවට සහභාගි පුදගලයින් සදහා දැනුවත් කිරීමේ වැඩසටහනක් ද පැවැත්වින.



මෙම සායනය පැවැත් වූ දින පුරා දින දෙකක කාලය තුල 1119 සිවිල් ජනතාවක් මෙහි සේවය ලබාගත් අතර මෙහි දෙවන අධියර අගෝස්තු මස 08 හා 09 දෙදින තුල අච්චේලු සෛවප්‍රගාසා විද්‍යාලයේදී පැවැත් වීමට නියමිතය.මේ අතරම අගෝස්තු මස 05 වන දින සිට 09 වන දින දක්වා ආසියා පැසිෆික් ගුවන් හමුදාව හා ශ්‍රී ලංකා ගුවන් හමුදාව එක්ව ගුවන් වෛද්‍ය වැඩසටහනක්ද පැවැත්වේ.



යාපනය ප්‍රදේශයේ පාසල් වල අලූත්වැඩියා කිරීම් ත්‍රිවිධ හමුදා ඉංජිනේරුවන් හා ඇමරිකා එක්සත් ජනපද ගුවන් හමුදාවේ පැසිෆික් ගුවන් අණ භට පිරිස් සමග ඒකාබද්ධව සිදුකිරීමට නියමිතය. පුන්න්ලෙයිකඩ්ඩුවාන් පෙරපාසල, කුඩ්ඩියපුලම් මිශ්‍ර පාසල සහ අච්ඡෙලූ සෛවප්‍රකාශ් විද්‍යාලය මේ යටතේ අලූත්වැඩියා කිරීමට නියමිතය.



ඇමරිකා පැසිෆික් ගුවන් හමුදාවේ ඉංජිනේරුවන් 17 සමන්විත කණ්ඩායමක්ද,ශ්‍රී ලංකා ගුවන් හමුදා ඉංජිනේරු වරයෙකුගෙන් සමන්විත දසදෙනෙකෙඋගෙන් යුත් කණ්ඩායමද,ශ්‍රී ලංකා නාවික හමුදාව නියෝජනය කරමින් ඉංජිනේරුවරයෙකුගෙන් සමන්විත දසදෙනෙකුගෙන් යුත් කණ්ඩායමක්ද,ශ්‍රී ලංකා යුධ හමුදාව නියෝජනය කරමින් ඉංජිනේරු වරයකුගෙන් සමන්විත අටදෙනෙකුගෙන් යුත් කණ්ඩායමද,ගොඩනැගිලි ඉදිකිරීමේ ආ අළුත්වැඩියා කටයුතු,වඩු කාර්මික අංශයේ ක්‍රීයාකරකම්,ජල නල ආශ්‍රිත ක්‍රියාකරකම්,පාරිසරික අලංකරන වැනි කටයුතු වල නිරත විය.මෙමගින් සිය අත්දැකිම් බෙදා හදාගැනීමටත් යුද වාතාවරනයෙන් පසු සිවිල් ජනයාගේ ජීවන රටාව උසස් කිරීමටත් සරිලන ලෙස මෙම වැඩසටහන ක්‍රියාත්මක කෙරින.



මෙම ක්‍රියාදාමයන් මුලිකව ක්‍රියාත්මක කිරීම මගින් හදිසි ආපදාමය අවස්ථාවකදී පැසිෆික් ගුවන් අණ භට පිරිස් සමග ඒකාබද්ධව ශ්‍රීලංකා හමුදාවන් න්‍රීයාත්මක වන්නේ කෙසේද යන්න පුහුණුවීම හා මෙමගින් කළාපීය හමුදා භට පිරිස් අතර වෛද්‍ය හා ඉංජිනේරු විශේෂඥ දැනුම හුවමාරුකරගැනීම හා කලාපීය රටවල සහයොගිතාව වර්ධනය කිරීම ප්‍රධාන අරමුණ විය.


airforce_logo
ශ්‍රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්‍ෂකයෝ
National Defence College
© 2024 ශ්‍රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂකය . සියලුම හිමිකම් ඇවිරිණි