ගුවන් හමුදාධිපති තුමාගේ වාර්ෂික පරීක්ෂණය ගුවන් හමුදාව බණ්ඩාරනායක ගුවන්තොටුපල සහ පාලවිය
2:01am on Wednesday 14th August 2013
ශ‍්‍රී ලංකා ගුවන් හමුදාව බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපල හා ගුවන් හමුදාව පාලවිය කඳුවුරුවල ගුවන් හමුදාධිපති තමාගේ වාර්ෂික පරීක්‍ෂණය 2013 අගෝස්තු මස 08 වන දින පවත්වන ලදී.

බණ්ඩාරනායක ගුවන්තොටුපල කඳවුරු පරීක්‍ෂණයේදී එම කඳවුරු අණදෙන නිළධාරී ගෲප් කැප්ටන් කේ කේ ඒ කේ කළුආරච්චි විසින් ගුවන් හමුදාධිපතිතුමන් පිළිගනු ලැබූ අතර ෆ්ලයිට් ලෙෆ්ටිනන් එම් සී එන් රත්නායක විසින් අණදුන් මාර්ග පෙළ ඛණ්ඩය ගුවන් හමුදාධිපතිතුමන්ට උත්තමාචාර පුද කරන ලදී.

පරීක්‍ෂණය අවසානයේදී ගුවන් හමුදාධිපතිතුමන් කඳවුරේ සියළුම නිළධාරීන් සෙසුනිළයන් හා සිවිල් සේවකයින් ඇමතූ අතර එහිදි කඳවුරේ සිදුකර ඇති ඉදිකිරීම් හා පරීක්‍ෂණයට සුදානම් කොට තිබූ ආකාරයට ප‍්‍රශංසා පිරිනැමීය. සිවිල් සේවක එම් පී ආරියසේන මහතා හට ඔහු කල කැපවීම හා ඉටුකරන ලද වැඩදායී සේවාව වෙනුවෙන් ගුවන් හමුදාධිපති සම්මාන හිමි විය.

ගුවන් හමුදා පාලවිය කඳවුරේ පරීක්‍ෂණයේදී එම කඳවුරේ කඳවුරු අණදෙන නිළධාරී ගෲප් කැප්ටන් කේ වන්නිගම විසින් ගුවන් හමුදාධිපතිතුමන් පිළිගනු ලැබීය. ගුවන් හමුදාධිපති උත්තමාචාර දැක්වූ මාර්ග පෙළ ඛණ්ඩයට ෆ්ලයිට් ලෙෆ්ටිනන් එච් එල් පණ්ඩිත විසින් අණදෙන ලදී.

එහිදී කෝප‍්‍රල් විජේසිංහ ඩබ් ඒ ඒ (ලිපිකරු පොදු රාජකාරී විශේෂ I ), ආර් ඒ එන් සී විජේරත්න හා එච් ජේ පෙරේරා යන සිවිල් සේවක මහත්වරුන් හට ගුවන් හමුදාධිපති සම්මාන පිරිනමනු ලැබිණි. පරීක්‍ෂණය අවසානයේදී ගුවන් හමුදාධිපතිතුමන් විසින් කඳවුරේ සියළුම නිළයන් හා සිවිල් සේවකයින් අමතන ලදී.




SLAF Station Palavi

 
airforce_logo
ශ්‍රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්‍ෂකයෝ
National Defence College
© 2024 ශ්‍රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂකය . සියලුම හිමිකම් ඇවිරිණි