හෙලිටුවර්ස් සේවාවන් පිළිබඳ දැනුවත් කිරීමේ සම්මන්ත‍්‍රණයක්
2:02am on Wednesday 14th August 2013
හෙලිටුවස් අභ්‍යන්තර ගුවන් ගමන් සේවාව මගින් ලබා ගතහැකි සේවාවන් පිළිබඳ දැනුවත් කිරීමේ සම්මන්ත‍්‍රණයක් 2013 අගෝස්තු මස 08 වන දින ශී‍්‍ර ලංකා ගුවන් හමුදා මූලස්ථාන ශ‍්‍රවනාගාරයේදි පවත්වන ලදී. මෙහිදී හෙලිටුවර්ස් සේවය මගින් ලබා දෙන පහසුකම් හා සේවාවන් පිළිබඳව දැනුවත් කිරිම මෙන්ම ශ‍්‍රී ලංකා ගුවන් හමුදාව මගින් ලබා දෙනු ලබන අනෙකුත් සේවාවන් පිළිබඳව දැනුවත් කිරිමක් සිදු කරන ලදී.

හෙලිටුවර්ස් ආයතනයේ කළමණාකාර අධ්‍යක්‍ෂක එයාර් වයිස් මාර්ෂල් ජී පී බුලත්සිංහල විසින් පිළිගැනීමේ කළාව සහ හඳුන්වාදීම සිදු කරන ලදී. සංචාරක ආයතනයන්හි නියෝජිතයින්, සංචාරක ක්‍ෂේත‍්‍රය සම්බන්ධ මාධ්‍ය ආයතනයන්හි නියෝජිතයින් සහ සංචාරක හා විනෝද කටයුතු සම්බන්ධ ආයතනයන්හි නියෝජිතයින් විසින් හෙලිටුවර්ස් සේවාව හා ඒ ආශ‍්‍රිත අනෙකුත් ගුවන් හමුදා සේවාවන් සඳහා තමන්ගේ ආයතනයන්හි සහයෝගය ලබා දීමට පොරොන්දු විය.

මෙහිදී විංග් කමාන්ඩර් ඞී ඩි ඩි ඩබ් වසන්ත කුමාර, ෆ්ලයිට් ලෙෆ්ටිනන් ඞී එල් කොළඹගේ දැනුවත් කිරීමේ දේශන පවත්වනු ලදි.

ගුවන් හමුදා මාධ්‍ය ප‍්‍රකාශක එයාර් කොමඩෝර් ඒ ඊ ඩබ් විජේසූරිය, ගෲප් කැප්ටන් එස් ජේ එස් ප‍්‍රනාන්දු, ඊගල්ස් ගෝල්ෆ් ලින්ක්ස් ලේකම් විංග් කමාන්ඩර් ඞී ඩි ඩි ඩබ් වසන්ත කුමාර සහ හෙලිටුවර්ස් ටිකට්පත් කාර්යාලයේ කළමණාකාරිනී විංග් කමාන්ඩර් ආර් ටී වරකාගොඩ මෙම අවස්ථාවට සහභාගී වූහ.

airforce_logo
ශ්‍රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්‍ෂකයෝ
National Defence College
© 2024 ශ්‍රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂකය . සියලුම හිමිකම් ඇවිරිණි