මිලියනයේ ප්‍රේක්ෂකයාට රුපියල් මිලියනයක ත්‍යාගයක්
5:13am on Thursday 15th August 2013
රත්මලාන ගුවන් හමුදා කවුතුකාගාරය නැරඹීමට පැමිනි ජයග්‍රාහක මිලියන ප්‍රේක්ෂකයා වන පොලොන්නරුවේ පදිංචි එස්.ජේ නදීකා මහත්මියට රුපියල් මිලියනයක ත්‍යාග මුදලක් අද දින පිරිනමන ලදී.මෙම ත්‍යාග මුදල ගුවන් හමුදා කෞතුකාගාරයේ අනදෙන නිලධාරී විංග් කමාණ්ඩර් සී.ඊ ලියනගේ මහතා විසින් මෙම ත්‍යාග මුදල පිරිනමන ලදී.

රත්මලාන ගුවන් හමුදා කෞතුකාගාරය 1993 ප්‍රථම වතාවට ගුවන් යානා ආරක්ෂන හා සංරක්ෂනය කිරීමේ ස්ථානයක් ලෙස පවත්වාගෙන ගිය අතර අනතුරුව 2009 වසරේ එය ගුවන් හමුදා කෞතුකාගාරය ලෙස ස්ථාපිත කරන ලදී.ශ්‍රී ලංකා ඉතිහාසයේ ප්‍රථම ගුවන් යානා කෞතුකාගාරය ගුවන් හමුදා රත්මලාන කෞතුකාගාරය වීම විශේෂත්වයකි.

 
airforce_logo
ශ්‍රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්‍ෂකයෝ
National Defence College
© 2024 ශ්‍රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂකය . සියලුම හිමිකම් ඇවිරිණි