“අපි වෙනුවෙන් අපි“ නිවාස ව්‍යාපෘතිය 13 වන අදියර
5:43pm on Wednesday 21st August 2013
ශ්‍රී ලංකා ප්‍රජාත්‍රාන්තික සමාජවාදී ජනරජයේ ජනාධිපති හා සේනා විධායක අතිගරු මහින්ද රාජපක්ෂ මැතිතුමා විසින් “අපි වෙනුවෙන් අපි“ නිවාස ව්‍යාපෘතිය 13 වන අදියරය යටතේ නුවරඑලිය දිස්ත්‍රික්කයේ  නිවාස 102 ක යතුරු ප්‍රධානය කිරීමේ උත්සවය 2013 අගෝස්තු මස 18 වන දින  රිකිල්ලගස්කඩ පෝරමඩුල්ල මධ්‍යමහා විද්‍යාලයේදී පැවැත්විණ.




මෙම නිවාස ව්‍යාපෘතිය ආරක්ෂක හා නාගරික සංවර්ධන අමාත්‍යාංශයේ ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා හා ආරක්ෂක අමාත්‍යංශයේ සේවා වනිතා ඒකකයේ සභාපතිනී අයෝමා රාජපක්ෂ මැතිණියගේ අධීක්ෂණය යටතේ සිදු කරනු ලැබේ.



මහා සංඝයා වහන්සේලාගේ පිරිත් දේශනා අතරතුරදී අතිගරු මහින්ද රාජපක්ෂ ජනාධිපති තුමා විසින් ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ සැරයන් හේරත් එච් එම් ඒ යූ ඒ කේ යන අයගේ නිවාසය විවෘත කළ අතර එහිදී සාම්ප්‍රදායික පොල්තෙල් පහනද දල්වන ලදී. අතිගරු ජනාධිපති තුමන් විසින් ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ නායක ගුවන් භට  බන්ඩාර ඩී ඩබ්ලිව් එස් යන අයගේ නිවස දෙවනුව විවෘත කළ අතර ශ්‍රී ලංකා නාවික හමුදාවේ සාමාන්‍ය නැවි ඩබ්ලිව් ඒම් ඒස් වීරකෝන් යන අයගේ නිවස තෙවනුව විවෘත කරන ලදී.



පසුව අතිගරු මහින්ද රාජපක්ෂ ජනාධිපති තුමන් විසින් නිවාස 99ක යතුරු රණවිරුවන් හා ඔවුන්ගේ පවුල් සඳහා ප්‍රධානය කළ අතර යුධ හමුදාව සඳහා වතුර පෙරණ 57ක් නාවික හමුදාව සදහා 26ක් හා ගුවන් ශමුදාව සඳහා 16ක් වශයෙන් ලබා දෙන ලදී. මෙයට සමගාමීව තෑගි මළු 267ක්, ක්‍රීඩා උපකරණ රහතුන්ගොඩ මහා විද්‍යාලයේ ශිෂ්‍යයන් සඳහා ජනාධිපති තුමන් විසින් ලබා දෙන ලදී.



මධ්‍යමපලාත් අණ්ඩුකාර ටිකිරි කොබ්බෑකඩුව මහතා පිළිගැනීමේ කථාව කළ අතර පුද්ගලික ප්‍රවාහණ ඇමති ගරු සී බී රත්නායක මහතාද මෙහිදී කථාවක් කරන ලදී.  ජනාධිපති ලේකම් ලලිත් වීරතුංග මහතාද කථාවක් පැවැත් වූ අතර ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ බලපංති සැරයන් එම් එස් එම් කේ රත්නායක විසින් පිළිගැනීමේ කථාව කරන ලදී.



වාරිමාර්ග හා ජලසම්පාදන අමාත්‍ය ගරු නිමල් සිරිපාලද සිල්වා, පුද්ගලක ප්‍රවාහන අමාත්‍ය ගරු සීබී රත්නායක,  පොදු කළමනාකරණ හා ප්‍රතිසංස්කරණ අමාත්‍ය ගරු නවීන් දිසානායක, සහකාර ආර්ථික සංවර්ධන අමාත්‍ය ගරු මුතු සිවලිංගම්, හිටපු මධ්‍යම පලාත් ආණ්ඩුකාර සරත් ඒකනායක, මධ්‍යම පලාත් ආණ්ඩුකාර ගරු ටිකිරි කොබ්බෑකඩුව, ජනාධිපති ලේකම් ලලිත් වීරතුංග මහතා, ආරක්ෂක හා නාගරික සංවර්ථන අමාත්‍යාංශයේ ලේකම් ගරු ගෝඨාභය රාජපක්ෂ, ආරක්ෂ අමාත්‍යාංශයේ සේවා වනිතා ඒකකයේ සභාපතිනී ගරු අයෝමා රාජපක්ෂ මැතිණිය, ආරක්ෂක අමාත්‍යාංශයේ සේවා වනිතා ඒකකයේ උප සභාපතිනී ඉන්දු රත්නායක මැති තුමිය, ප්‍රධාන ආරක්ෂක මාණ්ඩලික නිළධාරී ජෙනරල් ජගත් ජයසූරිය, යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරාල් දයා රත්නායක, නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් ජයනාත් කොළඹගේ, ගුවන් හමුදාධිපති එයාර් මාර්ෂල් හර්ෂ අබේවික්‍රම, ජාතික ආරක්ෂව පිළිබඳ මාධ්‍ය අධ්‍යක්ෂක ලක්ෂ්මන් හුළුගල්ල මහතා, ත්‍රිවිධ හමුදා අධ්‍යක්ෂක වරුන් ශ්‍රී ලංකා ගුවන් හමුදා සේවා වනිතා ඒකකයේ සභාපතිනී නීලිකා අබේවික්‍රම මැතිණිය, ශ්‍රී ලංකා හමුදාවන් හා පොලීසියෙහි උසස් නිලධාරීන් රැසක් සහභාගී වන ලදී.



airforce_logo
ශ්‍රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්‍ෂකයෝ
National Defence College
© 2024 ශ්‍රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂකය . සියලුම හිමිකම් ඇවිරිණි