අන්තර් ඒකක බොක්සිං ශූරතාවය දියතලාව ගුවන් හමුදා කඳවුරට..
2:52pm on Friday 2nd April 2010
මාර්තු මස 31 සහ අප්‍රේල් මස 01 යන දෙදින තුළ ගුවන් හමුදා ගිනි නිවාරණ ඒකක පරිශ්‍රයේදී පවත්වන ලද අන්තර් ඒකක බොක්සිං තරඟාවළියේ ශූරතාවය දින ගැනීමට දියතලාව ගුවන් හමුදා කඳවුර සමත් විය.

මෙහිදී දියතලාව ගුවන් හමුදා කඳවුර ප්‍රසාද ලකුණු 32 ලබා ගත් අතර ප්‍රසාද ලකුණු 15 ක් ලබා ගනිමින් කොළඹ ගුවන් හමුදා කඳවුර  අනුශූරතාවය දිනාගන්නා ලදී.

මෙහිදී දක්ෂතම බොක්සිං ක්‍රීඩකයාට හිමි සම්මානය කොළඹ ගුවන් හමුදා කඳවුරේ ගුවන් භට හෙට්ටිආරච්චිට හිමි වුණු අතර දක්ෂතම පරාජිතයාට හිමි සම්මානය ත්‍රිකුණාමළය විශේෂ මෙහෙයුම් රාශි මූලයේ ගුවන් භට තිසරුවන් හට හිමි විය.

මෙහිදී ඉන්දියාවේ පැවති පොදුරාජ්‍ය මණ්ඩලීය බොක්සිං තරඟාවළියේදී ලෝකඩ පදක්කමක් දිනා ගත් ගුවන් හමුදාවේ සුරේෂ් පට්ටිආරච්චි නායක ගුවන් භට නිළයේ සිට කෝප්‍රල් නිළය දක්වා උසස් කිරීමත් ඔහුගේ දක්ෂතාවයන් ඇගයීම පිණිස හා ඔහුගේ ඉදිරිපුහුණුවීම් කටයුතු උදෙසා ගුවන් හමුදාධිපතිතුමන් විසින් රුපියල් 75000 ක චෙක් පතක් ප්‍රදානය කරන ලදී.

 තරඟාවළියේ ප්‍රධාන ආරාධිත අමුත්තා වශයෙන් වැඩ බලන ආරක්ෂක මාණ්ඩළික ප්‍රධානී හා ගුවන් හමුදාධිපති එයාර් චීෆ් මාර්ෂල් රොෂාන් ගුණතිලක මහතා සහභාගී විය. මෙම අවස්ථාවට ගුවන් හමුදාවේ සැලසුම් අධ්‍යක්ෂක හා ගුවන් හමුදා බොක්සිං සංචිතයේ සභාපති එයාර් වයිස් මාර්ෂල් ඒ. කුමරේසන්, ඒකාබද්ධ මෙහෙයුම් මූලස්ථානයේ අධ්‍යක්ෂ ජෙනරාල් නාවුක හා ගුවන් එයාර් වයිස් මාර්ෂල් ගගන් බුලත්සිංහල, මෙහෙයුම් භූමි අධ්‍යක්ෂක ගුවන් කොමදෝරු කේ. යහම්පත්, කොළඹ කඳවුරු අණදෙන නිළධාරී හා ගුවන් හමුදා බොක්සිං සංචිතයේ ලේකම් ගෲප් කපිතාන් නිශාන්ත ධර්මදාස, ගුවන් හමුදා ක්‍රීඩා සම්මේලනයේ සභාපති ගෲප් කපිතාන් හර්ෂ ප්‍රනාන්දු, ගුවන් හමුදා මාධ්‍ය ප්‍රකාශක ගෲප් කපිතාන්  ජනක නානායක්කාර, ගුවන් හමුදා ක්‍රීඩා සම්මේලනයේ ලේකම් ගෲප් කපිතාන් රොෂාන් බියන්විල, 28 වන රෙජිමේන්තු පක්ෂාංගයේ අණදෙන නිළධාරී ගෲප් කපිතාන්  අතුල කලුආරච්චි යන නිළධාරීන්ද සහභාගී විය.

Inter-Unit Boxing Championship Won By SLAF Station DiyatalawaInter-Unit Boxing Championship Won By SLAF Station DiyatalawaInter-Unit Boxing Championship Won By SLAF Station DiyatalawaInter-Unit Boxing Championship Won By SLAF Station DiyatalawaInter-Unit Boxing Championship Won By SLAF Station DiyatalawaInter-Unit Boxing Championship Won By SLAF Station DiyatalawaInter-Unit Boxing Championship Won By SLAF Station DiyatalawaInter-Unit Boxing Championship Won By SLAF Station DiyatalawaInter-Unit Boxing Championship Won By SLAF Station DiyatalawaInter-Unit Boxing Championship Won By SLAF Station DiyatalawaInter-Unit Boxing Championship Won By SLAF Station DiyatalawaInter-Unit Boxing Championship Won By SLAF Station DiyatalawaInter-Unit Boxing Championship Won By SLAF Station DiyatalawaInter-Unit Boxing Championship Won By SLAF Station DiyatalawaInter-Unit Boxing Championship Won By SLAF Station DiyatalawaInter-Unit Boxing Championship Won By SLAF Station DiyatalawaInter-Unit Boxing Championship Won By SLAF Station DiyatalawaInter-Unit Boxing Championship Won By SLAF Station DiyatalawaInter-Unit Boxing Championship Won By SLAF Station DiyatalawaInter-Unit Boxing Championship Won By SLAF Station DiyatalawaInter-Unit Boxing Championship Won By SLAF Station DiyatalawaInter-Unit Boxing Championship Won By SLAF Station DiyatalawaInter-Unit Boxing Championship Won By SLAF Station DiyatalawaInter-Unit Boxing Championship Won By SLAF Station DiyatalawaInter-Unit Boxing Championship Won By SLAF Station DiyatalawaInter-Unit Boxing Championship Won By SLAF Station DiyatalawaInter-Unit Boxing Championship Won By SLAF Station DiyatalawaInter-Unit Boxing Championship Won By SLAF Station Diyatalawa
 

කෝප්‍රල් සුරේෂ් පට්ටිආරච්චිට,  ගුවන් හමුදාධිපතිතුමන් විසින් රුපියල් 75000 ක චෙක් පත ප්‍රදානය කල අවස්ථාව


 
Inter-Unit Boxing Championship Won By SLAF Station Diyatalawa

 
තරඟ ප්‍රතිඵල
 
ශූරතාවය                             -    ගුවන් හමුදා කඳවුර දියතලාව (ප්‍රසාද ලකුණු 32)
අනු ශූරතාවය                       -    ගුවන් හමුදා කඳවුර කොළඹ  (ප්‍රසාද ලකුණු 15)
දක්ෂතම බොක්සිං ක්‍රීඩකයා    -    ගුවන් භට හෙට්ටිආරච්චි (කොළඹ )
දක්ෂතම පරාජිතයා               -     ගුවන් භට තිසරුවන් (ත්‍රිකුණාමළය )
  
කි.ග්‍රෑ. 49 ලයිට් ෆ්ලයි වේට් බර පන්තිය
 
ශූරතාවය          -   ගුවන් භට ධර්මරත්න ( ගුවන් හමුදා කඳවුර වවුනියාව )
අනු ශූරතාවය    -   ගුවන් භට සම්පත් කුමාර ( විශේෂ මෙහෙයුම් මූලය වන්නි )
 
 කි.ග්‍රෑ. 52 ෆ්ලයි වේට් බර පන්තිය
 
ශූරතාවය         - ගුවන් භට රණසිංහ ( මෙහෙයුම් භූමි අංශය - ගුවන් හමුදා කඳවුර කටුනායක )
අනු ශූරතාවය   - නායක ගුවන් භට සුජීව ( ගුවන් හමුදා කඳවුර කොළඹ )
 
 කි.ග්‍රෑ. 56 බැන්ටම් වේට් බර පන්තිය
 
ශූරතාවය        - ගුවන් භට දයාරත්න ( මෙහෙයුම් භූමි අංශය - ගුවන් හමුදා කඳවුර කටුනායක )
අනු ශූරතාවය  - ගුවන් භට තිසරුවන් (විශේෂ මෙහෙයුම් මූලය වන්නි )
 
කි.ග්‍රෑ. 60 ලයිට් වේට් බර පන්තිය
 
ශූරතාවය         - ගුවන් භට චාමර  (ගුවන් හමුදා කඳවුර දියතලාව )
අනු ශූරතාවය   - ගුවන් භට ගුණසිංහ  (කටුනායක ගුවන් තොටුපල ගුවන් හමුදා කඳවුර )
 
කි.ග්‍රෑ. 64 ලයිට් වෙල්ටර් වේට් බර පන්තිය

 
ශූරතාවය          - ගුවන් භට අතුකොරල (ගුවන් හමුදා කඳවුර දියතලාව )
අනු ශූරතාවය   - ගුවන් භට පෙරේරා (ගුවන් හමුදා කඳවුර හිඟුරක්ගොඩ )
 
 කි.ග්‍රෑ. 69 වෙල්ටර් වේට් බර පන්තිය
 
ශූරතාවය         -   ගුවන් භට හෙට්ටිආරච්චි (ගුවන් හමුදා කඳවුර කොළඹ )
අනු ශූරතාවය   -   ශිෂ්‍ය නිළධාරී කැප්පෙටිපොල (ගුවන් හමුදා කඳවුර දියතලාව )
 
කි.ග්‍රෑ. 75 මිඩ්ල් වේට් බර පන්තිය
 
ශූරතාවය         -  ශිෂ්‍ය නිළධාරී ගන්ගොඩවිල (ගුවන් හමුදා කඳවුර දියතලාව )
අනු ශූරතාවය   -  ගුවන් භට සන්ජීව (ගුවන් හමුදා කඳවුර රත්මලාන )
 
කි.ග්‍රෑ. 81 ලයිට් හෙවි වේට් බර පන්තිය
 
ශූරතාවය - ශිෂ්‍ය නිළධාරී බන්ඩාර (ගුවන් හමුදා කඳවුර දියතලාව )
අනු ශූරතාවය - නායක ගුවන් භට ප්‍රියන්කර (ගුවන් හමුදා කඳවුර කොළඹ )
 
 කි.ග්‍රෑ. 91 හෙවි වේට් බර පන්තිය
 
ශූරතාවය         - ශිෂ්‍ය නිළධාරී බුද්ධික (ගුවන් හමුදා කඳවුර දියතලාව )
අනු ශූරතාවය   - නායක ගුවන් භට රත්නායක (ගුවන් හමුදා කඳවුර කටුනායක )
 
කි.ග්‍රෑ. 91 වැඩි සුපර් හෙවි වේට් බර පන්තිය

ශූරතාවය         - ගුවන් භට කුලතුංග (ගුවන් හමුදා කඳවුර කොළඹ )
අනු ශූරතාවය   - නායක ගුවන් භට පෙරේරා (ගුවන් හමුදා කඳවුර දියතලාව )


airforce_logo
ශ්‍රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්‍ෂකයෝ
National Defence College
© 2024 ශ්‍රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂකය . සියලුම හිමිකම් ඇවිරිණි