ගිණි නිවීමේ පෙරහුරුවක් මාලඹේදී
4:55pm on Tuesday 27th August 2013
ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ ගිණි නිවීමේ ඒකකය විසින් ශ්‍රී ලංකා ගුවන් හමුදා කඳවුර කටුනායක, ශ්‍රී ලංකා ගුවන් හමුදාව කොළඹ හා ශ්‍රී ලංකා ගුවන් හමුදාව ඒකළ ගිණි නිවීමේ කණ්ඩායම් හා එක්ව ගිණි නිවීමේ පෙරහුරුවක් 2013 අගෝස්තු මස 23 වන දින මාලඹේ පිහිටි මිලේනියම් අයි ටී සොෆ්ට්වෙයාර් පුද්ගලික සමාගමේදී සිදු කරනු ලැබීය.



අයි ටී සොෆ්ට්වෙයාර් පුද්ගලික සමාගමේ සේවකයින් 450කට අධික ප්‍රමාණයක් මෙම පෙර හුරුව සඳහා සහභාගී වන ලදී. ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ ගිණි නිවීමේ හා මුදවා ගැනීමේ දක්ෂ පුද්ගලයින් 28 දෙනෙකු මේ සඳහා සහභාගී වූ අතර මෙය ශ්‍රී  ලංකා ගුවන් හමුදාවේ ප්‍රධාන ගිණි නිවාරණ නිළධාරී ගෘප් කැප්ටන් පී එම් සී පී ඩයස් ද මෙම අවස්ථාව සඳහා සහභාගී විය.


airforce_logo
ශ්‍රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්‍ෂකයෝ
National Defence College
© 2024 ශ්‍රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂකය . සියලුම හිමිකම් ඇවිරිණි