ගුවන් සහයක පක්ෂාංගයේ හතර වන සංවත්සරය ශ්‍රී ලං ගුහ රත්මලාන කඳවුරේදී
4:59pm on Tuesday 27th August 2013
සමාජයට වැඩදායු කටයුතු හා ආගමික කටයුතු රාශියක් සමඟ ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ ගුවන් යානා සහායක පක්ෂාංගය සිය හතරවන සංවත්සරය ශ්‍රී ලංකා ගුවන් හමුදාව රත්මලාක කඳවුරේදී සමරන ලදී.


මෙම සංවත්සරික සමරුම් දිනය ආරම්භයේදී සරඹ පිටියේදී සරඹ පෙළපාලයක් පැවැත්වූ අතර එය මෙම පක්ෂාංගයේ අණදෙන නිලධාරී ගෘප් කැප්ටන් ටී ඒ ඩී ආර් සේනානායක විසින් නිරීක්ෂණය කරන ලදී. අනතුරුව ක්‍රිකට් තරඟයක්ද පවත්වන ලදී.


තවද මෙම අවස්ථාව නිමිතිකොටගෙන ගල්කිස්ස මුහුදු වෙරළ පිරිසිදු කිරීමේ කටයුත්තක් සේවි හා සිවිල් යන දෙපිරිසගේම සහභාගීත්වයෙන් සිදු කරනු ලැබීය. රාත්‍රියේදී ධර්ම දේශනාමය වැඩසටහනක් හා බෝධි පූරාවක් ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ ගුවන් හමුදාධිපති තුමා ඇතුළු සියළුම නිලයන්ට සෙත් පතා රත්මලාන මල්ලිකාරාමයේදී සිදු කරනු ලැබීය.


airforce_logo
ශ්‍රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්‍ෂකයෝ
National Defence College
© 2024 ශ්‍රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂකය . සියලුම හිමිකම් ඇවිරිණි