ගුවන් හමුදා බීච් වොලිබෝල් කණ්ඩායම තායිලන්තය බලා පිටත්වෙයි
5:45pm on Tuesday 6th April 2010
ගුවන් හමුදා බීච් වොලිබෝල් ක්‍රීඩකයින් වන පුබුදු ඒකනායක සහ සම්පත් පීරිස් හෙට තයිලන්තය බලා පිටත්වේ. එහිද බීච් වොලිබෝල් ජාතික කණ්ඩායමේ අනෙකුත් ක්‍රීඩකයින් වන මහේෂ් පෙරේරා සහ වසන්ත රත්නපාල යන ක්‍රීඩකයින් හා එකතුව ආසියානු බීච් වොලිබෝල් තරගාවලිය නියෝජනය කරනු ඇත. මෙම තරගාවලිය 2010 අප්‍රේල් මස 09 වෙනි දින සිට 2010 අප්‍රේල් මස 17 වෙනි දක්වා පැවැත්වීමට සියළු කටයුතු සූදානම්කර ඇත.

කණ්ඩායම් පුහුණුකරු ලෙස දක්ෂ අත්දැකීම් බහුල පුහුණුකරුවකු වන ප්‍රසන්න උදය කුමාර මහතා කටයුතු කරන අතර කණ්ඩායම් කළමණාකරු ලෙස ගුවන් හමුදා වොලිබෝල් කණ්ඩායමේ ලේකම් බලඝණනායක පද්මන් කොස්තා මහතා කටයුතු කර
යි.
airforce_logo
ශ්‍රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්‍ෂකයෝ
National Defence College
© 2024 ශ්‍රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂකය . සියලුම හිමිකම් ඇවිරිණි