රාජපක්ෂ කුසලාන වොලිබෝල් තරගාවලියේ ගුවන් හමුදාව අවසන් තරගයට
7:03pm on Tuesday 6th April 2010
තාරුණ්‍යයට හෙටක් මගින් සංවිධානය කරන ලද රාජපක්ෂ කුසලාන වොලිබෝල් තරගාවලියේ අවසන් තරගය අද (06) සවස 0700 ට වළස්මුල්ල අරුණ ක්‍රීඩා පිටියේදී පැවත්වීමට සියළු කටයුතු සංවිධානය කර ඇත.

කණ්ඩායම් රැසක් අප්‍රේල් මස 05 සහ 06 යන දෙදින තුල තරග වදිමින් ගුවන් හමුදා කණ්ඩායම අර්ධ අවසන් පුර්ව වටයේදි නවික හමුදා කණ්ඩායම 25-18, 19-25, 25-22 සහ 25-23ක් වශයෙන් පරාජයට පත්කරමින් අවසන් මහා තරගයට සුදුසුකම් ලැබීය. තරුණ සේවා කණ්ඩායම යුධ හමුදා කණ්ඩායම පරාජයට පත්කරමින් අවසන් තරගයේදී ගුවන් හමුදා කණ්ඩායම සමග අද (06) රාත්‍රී තරග වැදීමට නියමිතය.
airforce_logo
ශ්‍රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්‍ෂකයෝ
National Defence College
© 2024 ශ්‍රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂකය . සියලුම හිමිකම් ඇවිරිණි