මැලේසියාවේදී රන් දිනූ ගුවන් හමුදා මලල ක්‍රීඩා කණ්ඩායම දිවයිනට
10:19am on Tuesday 22nd October 2013
මැලේසියාවේ ක්වාලාලම්පූර් නුවරදී පැවැති 89 වැනි මැලේසියානු විවෘත මලල කී‍්‍රඩා ශූරතාවලියේදී රන් පදක්කම් 3 ක් සහ රිදී පදක්කම් දෙකක් දිනාගැනීමට ශී‍්‍ර ලංකා කී‍්‍රඩක කී‍්‍රඩිකාවෝ සමත් වූහ. ඔවුන් ඊයේ (21) යලි දිවයිනට පැමිනියහ.

මෙම තරගාවලියේ ගුවන් හමුදා මලල ක්‍රීඩා කණ්ඩායම නියෝජනය කරමින් මීටර 400 ඉසව්වට ඉදිරිපත් වූ ශිෂ්‍ය නිළධාරීනී චන්ද්‍රිකා සුභාෂිනී රස්නායක එම ඉසව්ව තප්පර 52.86 කින් නිමාකරමින් රන් පදක්කමක් දිනාගත් අතර පසුව මීටර 200 ඉසව්ව තත්පර 24.10කින් නිමාකරමින් රන් පදක්කමක් දිනාගැනීමට සමත් වූවාය.

මීටර 400 ඉසව්ව තත්ත්පර 47.19 කින් නිමා කළ නාවික හමුදාවේ සාමාන්‍ය නැවි කසුන් කල්හාර එහි රන් පදක්කම දිනාගැනීමෙන් අනතුරුව මීටර 200 ඉසව්ව තත්ත්පර 21.5 කින් අවසන් කරමින් රිදී පදක්කමක්ද දිනාගත්තේය. එසේම ගුවන් හමුදාවේ කෝප්‍රල් මංජුල කුමාර උස පැනීමෙන් රිදී පදක්කමක් දිනාගැනීමට සමත් විය.


airforce_logo
ශ්‍රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්‍ෂකයෝ
National Defence College
© 2024 ශ්‍රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂකය . සියලුම හිමිකම් ඇවිරිණි