ඩීමෝ ආයතනය ඊගල්ස් ගොල්ෆ් ක්‍රීඩා පිටියට වාහනයක් පරිත්‍යාග කරයි
10:29am on Tuesday 12th November 2013
චීන වරාය විද්‍යාපීඨ කඳවුරට ආසන්නව පිහිටි ඊගල්ස් ගොල්ෆ් ක්‍රීඩාපිටියේ අවශ්‍යතා වෙනුවෙන් ඩීමෝ ආයතනය ටාටා ඩීමෝ බට්ටා වර්ගයේ වාහනයක් පරිත්‍යාග කරන ලදී.

ඩීමෝ ලංකා ආයතනයේ සභාපති සහ කළමණාකර අධ්‍යක්ෂ පී එල් සී රංජිත් පතිරණ මහතා විසින් ගුවන් හමුදාධිපති එයාර් මාර්ෂල් හර්ෂ අබේවික්‍රම වෙත නිළ වශයෙන් වාහනයේ යතුරු බාර දීම 2013 ඔක්තෝම්බර් මස 31 වන දින ගුවන් හමුදා මුලස්ථානයේදී සිදුකරන ලදී.

මෙම අවස්ථාව වෙනුවෙන් චීනවරාය විද්‍යාපීඨයේ පීඨාධිපති එයාර් කොමඩෝර් එච් එම් එස් කේ බී කොටකදෙණිය, විංග් කමාන්ඩර් එම් ඒ ඩී ඒ ජයතිලක ටාටා මෙහෙයුම් ප්‍රධානී විජිත බන්ඩාර මහතාද මෙම අවස්ථාවට සහභාගී විය.




 
airforce_logo
ශ්‍රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්‍ෂකයෝ
National Defence College
© 2024 ශ්‍රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂකය . සියලුම හිමිකම් ඇවිරිණි