ගුවන් හමුදා පාලවී කඳවුර සිය අභිමානවත් 06 වන සංවත්සරය සමරයි
10:39am on Tuesday 12th November 2013
පාලවී ගුවන් හමුදා කඳවුර තම 06 වන සංවත්සරය නොවැම්බර් මස 01 වන දින අභිමානවත් අයුරින් සැමරීය. කඳවුරු අණදෙන නිළධාරී විංග් කමාන්ඩර් කීර්ති වන්නිගම සංවත්සර වැඩ පෙළපාලිය පරීක්ෂාකරමින් 06 වන සංවත්සරයේ වැඩ කටයුතු ඇරඹීය.

මෙම සංවත්සර පෙළපාලියට සමගාමීව කඳවුරේ සාමාජිකයින් පාලවිය කොබ්බැකඩුව විහාරස්ථානයේ දාන ශාලාව ඉදිකිරීමේ කටයුතු වෙනුවෙන් ශ්‍රම දායකත්වයක් ලබා දුන්හ.

අනතුරුව අණදෙන නිලධාරීතුමන් කදවුරේ සියලුම නිලයන් හා සිවිල් සාමාජිකයන් ඇමතීමෙන් පසු සුහදත්වය වර්ධනය කිරීම සඳහා ක්‍රීඩා තරග සංව්ධානය කල අතර දිවා භෝජන සංග්‍රහය කඳවුරේ සියළුම නිලයන්ගේ සහභාගීත්වයෙන් සිදු විය.




airforce_logo
ශ්‍රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්‍ෂකයෝ
National Defence College
© 2024 ශ්‍රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂකය . සියලුම හිමිකම් ඇවිරිණි