ගුවන් හමුදාව ගුවන් වෛද්‍ය මෙහෙයුම් වෙනුවෙන් සුදානම් වෙයි
11:08am on Tuesday 12th November 2013
ගුවන් හමුදාව ගුවන් වෛද්‍ය මෙහෙයුම් වෙනුවෙන් කල අත්හදා බැලීමක් ලෙස කොළඹ මහ රෝහලේ සහ ලංකා රෝහලේ ඉදිකර ඇති හෙලිකොප්ටර් ගොඩබැස්විය හැකි Helipad මතට 2013 නොවැම්බර් මස 05 දින බෙල් 412 වර්ගයේ හෙලිකොප්ටර් යානයක් සාර්ථකව ගොඩබස්වා තිබේ.

අංක 04 හෙලිකොප්ටර් බලඝණයට අයත් මෙම හෙලිකොප්ටර් යානය සතුව ක්ෂණිකව හෙලිකොප්ටරයට සම්බන්ධකල හැකි වෛද්‍ය උපකරණ කට්ටල වලින් සහ ගුවන් ගමනේදී ප්‍රථිකාර ලබාදිය හැකි පරිදි නවීන උපකරණ පද්ධතියකින් සමන්විත වෙයි. එසේම මෙම යානා ඉදිරියේදී පැවැත්වෙන පොදුරදමඩුළු සමුළුවට පෙර සුදානමක් ලෙසින් ගුවන් ගිලන් රථයක් ලෙසින් ක්‍රියා කරමින් මෙම ගොඩබැස්වීම සිදු කර ඇත.

මෙම අවස්ථාව වෙනුවෙන් ගුවන් හමුදා ගුවන් මෙහෙයුම් අධ්‍යක්ෂක එයාර් වයිස් මාර්ෂල් ජී පී බුලත්සිංහල, විධායක ගුවන් ගමන් පාලන නිළධාරී ගෲප් කැප්ටන් එච් බී ඩී ජේ කරුණාරත්න කොළඹ ජාතික රෝහලේ අධ්‍යක්ෂ දොස්තර අනිල් ජයසිංහ, හදිසි අනතුරු අංශයේ නියෝජ්‍ය අධ්‍යක්ෂක දොස්තර කපිල වික්‍රමනායක සහභාගී විය.


   

airforce_logo
ශ්‍රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්‍ෂකයෝ
National Defence College
© 2024 ශ්‍රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂකය . සියලුම හිමිකම් ඇවිරිණි