අන්තර් ඒකක බිලියර්ඞ් ශූරතාවය අනුරාධපුර ගුවන් හමුදා කඳවුරට
10:37am on Friday 3rd January 2014
පසුගිය දෙසැම්බර් මස 19 සහ 20 දිනයන්හි කටුනායක ගුවන් හමුදා කඳවුරේදී පැවැත්වුණු අන්තර් ඒකක බිලියර්ඞ් තරඟාවළියෙහි ශූරතාවය අනුරාධපුර ගුවන් හමුදා කඳවුර විසින් දිනාගන්නා ලදී. කටුනායක ගුවන් හමුදා කඳවුරු බලලත් නිළධාරී සහ සරයන් වරුන්ගේ නිවස්නයේ සහ ගුවන් භට ගුවන් කාන්තා සමාජ ශාලාවේ බිලියර්ඞ් කාමරයන්හි මෙම තරඟාවළිය පවත්වන ලදි.

මෙම තරඟාවළිය බිලියර්ඞ් සහ ස්නූකර් ලෙසින් අංශ දෙකකින් ක‍්‍රියාත්මක විය. එහිදි සමස්ථ ශූරතාවය අනුරාධපුර ගුවන් හමුදා බිලියර්ඞ් කණ්ඩායම විසින් දිනාගන්නා ලද අතර චීනවරාය ගුවන් හමුදා විද්‍යාපීඨ කන්ඩායම එහි අනුශූරතාවය දිනාගන්නා ලදී.

කටුනායක ගුවන් හමුදා කඳවුරු වැඩබලන අණදෙන නිළධාරී ගෲප් කැප්ටන් ජී ඒ එම් ඩබ් අමරකෝන්, බිලියර්ඞ් සංගමයේ සභාපති ගෲප් කැප්ටන් පී එම් සී පී ඩයස්, නිළධාරීන් සහ සෙසු නිළයන් රැුසක් මෙම අවස්ථාවට සහභාගී වූහ.

airforce_logo
ශ්‍රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්‍ෂකයෝ
National Defence College
© 2024 ශ්‍රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂකය . සියලුම හිමිකම් ඇවිරිණි