ගුවන් හමුදා ජූඩෝ කණ්ඩායම 53 වන ජාතික ජූඩෝ ශූරතාවය දිනයි
12:37pm on Tuesday 7th January 2014
ගුවන් හමුදා කාන්තා සහ පිරිමි ජූඩෝ කණ්ඩායම් 53 වන ජාතික ජූඩෝ තරඟාවළියේ සමස්ථ ශූරතාවය දිනා ගැනීමට පසුගිය දා සමත් විය. තරඟාවළිය පසුගිය දෙසැම්බර් මස 21 සිට 23 දක්වා ශ‍්‍රී ලංකා ජූඩෝ සම්මේලනයේ දී පවත්වන ලදි.

ගුවන් හමුදාව තරඟාවළියේ දී රන් පදක්කම් 15 ක් රිදී පදක්කම් 10 ක් හා ලෝකඩ පදක්කම් 10 ක් ලබා ගන්නා ලදී. මෙම තරඟාවළිය සඳහා ජූඩෝ ක‍්‍රිඩා සමාජ 29 ක් නියෝජනය කරමින් ක‍්‍රීඩකයින් 160 දෙනෙකු සහ ක‍්‍රීඩිකාවන් 90 දෙනෙකු සහභාගී වූහ. තරඟාවළිය කිලෝ ග්?ම් 45, 50,66,73, 90, 100 ලෙස පවත්වන ලදී.

ශූරතාවය දිනාගනු ලැබූ ගුවන් හමුදා කණ්ඩායමට නායක ගුවන් භට වික‍්‍රමගේ විසින් නායකත්වය සපයන ලද අතර පී ජී සුනිල් මහතා පුහුණුකරු ලෙස කටයුතු කරන ලදී.

විදේශ සේවා කාර්යාංශයේ සභාපත් අමල් සේනාලංකාධිකාර මහතා ප‍්‍රධාන ආරාධිත අමුත්තා වශයෙන් සහභාගී වූ අතර ගුවන් හමුදා ජූඩෝ සංචිතයේ සභාපති එයාර් කොමඩෝර් කේ එෆ් ආර් ප‍්‍රනාන්දු, ගුවන් හමුදා ජූඩෝ සංචිතයේ ලේකම් විංග් කමාන්ඩර් එම් ඒ එස් එස් විජේසිංහ මෙම අවස්ථාවට එක් විය.





airforce_logo
ශ්‍රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්‍ෂකයෝ
National Defence College
© 2024 ශ්‍රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂකය . සියලුම හිමිකම් ඇවිරිණි