ලකඹර සුරැකි විරුවන් සදා සමරමු
8:57am on Tuesday 14th January 2014
තිස් වසරක කුරිරැ යුද්ධයේදි ලකඹර සුරැකිමින් තම දේශය වෙනුවෙන් දිවිපිදු අභීත රණවිරුවන් සදා අනුස්මරණය සදහා ගුවන් හමුදපතිතුමන්ගේ සංකල්පයකට අනූව ගුවන් හමුදා ඒකල කදවුරේ අභිනවයෙන් ඉදිකරන ලද රණවිරු ස්මාරකය ගුවන් හමුදාපති එයාර් මාර්ෂල් හර්ෂ අබේවික්‍රම මැතිතුමාගේ සුරතින් 2014 ජනවාරි මස 08 වන දින පස්වරුවේ විවෘත කල අතර රණවිරු ස්මාරකය වෙත ගුවන් හමුදපතිතුමන් විසින් පුෂ්පෝපහාරයක්ද දැක්වීය.

මෙයට සමගාමිව ශ්‍රි ලංකා ගුවන් හමුදා රණවිරු දිනය සැමරීමද, ගුවන් හමුදාපති එයාර් මාර්ෂල් හර්ෂ අබේවික්‍රම මැතිතුමගේ ප්‍රධානත්වයෙන් ගුවන් හමුදා ඒකල කදවුරේදි සිදුකල අතර මෙම අවස්ථාව සදහා ගුවන් හමුදා අධ්‍යක්‍ෂක මණ්ඩලයේ නිලධාරින් මෙන්ම සෙසු නිලයන් හා මියගිය රණවිරුවන්ගේ පවුල්වල සාමාජික සාමාජිකාවන් විශාල පිරිසක් සහභාගි විය.



airforce_logo
ශ්‍රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්‍ෂකයෝ
National Defence College
© 2024 ශ්‍රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂකය . සියලුම හිමිකම් ඇවිරිණි