නිදහසේ බක්මහ සැණකෙළිය නිමාවෙයි
9:10pm on Saturday 10th April 2010
සිංහල හින්දු අළුත් අවුරුද්ද සමරනු පිණිස රත්මලාන ගුවන් හමුදා කඳවුරේදී අද (අප්‍රේල් 10) දින බක්මහ උළෙලක් පවත්වන ලදී.

මෙම බක්මහ උළෙල රත්මලාන ගුවන් හමුදා කඳවුරු අණදෙන නිළධාරී ගුවන් කොමදෝරු සුමංගල ඩයස් මහතාගේ ප්‍රධානත්වයෙන් පැවත්විනි. මෙම අවස්ථාවට ගුවන්යානා ඉංජිනේරු සහායක පක්ෂාංගයේ අණදෙන නිළධාරී ගෲප් කපිතාන් ප්‍රියන්ත රණසිංහ, අංක 02 පියාසර බලඝණයේ අණදෙන නිළධාරී ගෲප් කපිතාන් උදේනි රාජපක්ෂ, අංක 08 පියාසර බලඝණයේ අණදෙන නිළධාරී විංග් කමාන්ඩර් ප්‍රසන්න ඒකනායක, අංක 27 රෙජිමේන්තු පක්ෂාංගයේ අණදෙන නිළධාරී විංග් කමාන්ඩර් සංජය ප්‍රනාන්දු, ගුවන් හමුදා කෞතුකාගාරයේ අණදෙන නිළධාරී විංග් කමාන්ඩර් මලින්ද පෙරේරා ඇතුළු නිළධාරීහු රැසක් සහභාගී විය.

ජන ක්‍රීඩා රැසක් පැවැත්වුණු අතර බක්මහේ කුමරිය තේරීමේ තරඟය වැඩි දෙනාගේ අවධානය දිනා ගන්නට සමත්වුණු තරඟයක් විය. පැවැත්වුණු සියළුම තරඟ සඳහා වටිනා ත්‍යාග ප්‍රදානය කල අතර රත්මලාන ගුවන් හමුදා කඳවුරේ සේවය කරන සියළුම සේවා පුද්ගලයන්, සිවිල් සේවක සේවිකාවන්, සියලුම සේවා සහ සිවිල් පුද්ගලයින්ගේ පවුල් වල සාමාජික සාමාජිකාවන් ඇතුළු විශාල පිරිසක් මෙම අවස්ථාවට සහභාගී විය.


New Year Celebrations at RatmalanaNew Year Celebrations at RatmalanaNew Year Celebrations at RatmalanaNew Year Celebrations at RatmalanaNew Year Celebrations at RatmalanaNew Year Celebrations at RatmalanaNew Year Celebrations at RatmalanaNew Year Celebrations at RatmalanaNew Year Celebrations at RatmalanaNew Year Celebrations at RatmalanaNew Year Celebrations at RatmalanaNew Year Celebrations at RatmalanaNew Year Celebrations at RatmalanaNew Year Celebrations at RatmalanaNew Year Celebrations at RatmalanaNew Year Celebrations at RatmalanaNew Year Celebrations at RatmalanaNew Year Celebrations at RatmalanaNew Year Celebrations at RatmalanaNew Year Celebrations at RatmalanaNew Year Celebrations at RatmalanaNew Year Celebrations at RatmalanaNew Year Celebrations at RatmalanaNew Year Celebrations at RatmalanaNew Year Celebrations at RatmalanaNew Year Celebrations at RatmalanaNew Year Celebrations at Ratmalana

airforce_logo
ශ්‍රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්‍ෂකයෝ
National Defence College
© 2024 ශ්‍රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂකය . සියලුම හිමිකම් ඇවිරිණි