ශ‍්‍රී ලංකා ගුවන් හමුදා වන්නි සටන් පුහුණු පාසලේ ශ‍්‍රී මහා බෝධීන් වහන්සෙගේ අංකුරයක් රෝපණය කරයි.
9:04am on Tuesday 14th January 2014
ශ‍්‍රී ලංකා ගුවන් හමුදා සටන් පුහුණු පාසල වන්නි කඳවුරේ අණදෙන නිළධාරි විංග් කමාන්ඩර් එස් එන් ප‍්‍රනාන්දුපුල්ලේ මැතිතුමාගේ මගපෙන්වීම යටතේ ජය ශ‍්‍රී මහා බෝධීන් වහන්සෙගේ අංකුරයක් 2014 ජනවාරි මස 08 වන දින කඳවුරු විහාරස්ථානයේ රෝපණය කරන ලදී.
එම පුණ්‍ය උත්සවයට සමගාමීව රට වෙනුවෙන් දිවි කැපකරනලද රණවිරුවන් සිහිපත් කොට ගුවන් හමුදාපති හර්ෂ අබෙවික‍්‍රම මැතිතුමාට, සියලු රණවිරුවන්ට ඔවුන්ගේ පවුල්වලද ඥාතීන්ට සහ මුලු රටටම ආශිර්වාද පුණ්‍ය උත්සවයක් පැවැත්වීය.
 ගුවන් හමුදා සටන් පුහුණු පාසල වන්නි කඳවුරේ සියලුම කාර්ය මණ්ඩලය සහ ඔවුන්ගේ පවුල්වල ඥාතීන් මෙන්ම කඳවුර අවට සිටින සියලුම මහජනතාවද මෙම පුණ්‍ය කටයුත්ත සඳහා සහභාගි වූහ.


airforce_logo
ශ්‍රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්‍ෂකයෝ
National Defence College
© 2024 ශ්‍රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂකය . සියලුම හිමිකම් ඇවිරිණි