නායකත්ව පුහුණු හා ධනාත්මක චින්තන පාඨමාලාව 2014 නිමාවට පත්වේ
8:55am on Wednesday 22nd January 2014
දියතලාව සටන් පුහුණු පාසලේ පැවති නායකත්ව පුහුණු හා ධනාත්මක චින්තන පාඨමාලාව පසුගිය ජනවාරි මස 11 වන දින නිමාවට පත්විය. 2013 වසරේ දෙසැම්බර් මස 27 වන දින ආරම්භ වූ මෙම පාඨමාලාව න්‍යායික හා ප‍්‍රායෝගික වශයෙන් පවත්වනු ලැබූ අතර විශ්ව විද්‍යාල සුදුසුකම් ලැබූ සිසු සිසුවියන් 623 දෙනෙකු පාඨමාලාව සඳහා සහභාගී වූහ,

පාඨමාලාව අතරතුරදී උසස් අධ්‍යාපන අමාත්‍ය එස් බී දිසානායක ඇතුළු අමාත්‍යාංශයේ නිළධාරීන් ගුවන් හමුදා දියතලාව සටන් පුහුණු පාසලට පැමිණ පුහුණුවන්නන් අමතා දේශන පවත්වන ලදී. පුහුණුව ලැබූ සිසු සිසුවියන් විසින් සරඹ සංදර්ශනයක්,  නැටුම්, ගැයුම් ඇතුළු විනෝද අංග කිහිපයක් ඉදිරිපත් කරන ලදී. සරඹ සංදර්ශනය සඳහා සිසු සිසුවියන් පුහුණු කිරීම ගුවන් හමුදා දියතලාව සටන් පුහුණු පාසලේ සරඹ උපදේශකයින් විසින් සිදු කරන ලදී.

මෙම අවස්ථාවට ප‍්‍රධාන අරාධිත අමුත්තා වශයෙන් උසස් අධ්‍යාපන අමාත්‍ය එස් බී දිසානායක මහතා සහභාගී වූ අතර ගුවන් හමුදා දියතලාව සටන් පුහුණු පාසලේ අණදෙන නිළධාරී ගෲප් කැප්ටන් පීටර්සන් ප‍්‍රනාන්දු, නිළධාරී අණදෙන පුහුණු විංග් කමාන්ඩර් නිලන්ත පියසේන ඇතුළු විශාල පිරිසක් සහභාගී වූහ.



airforce_logo
ශ්‍රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්‍ෂකයෝ
National Defence College
© 2024 ශ්‍රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂකය . සියලුම හිමිකම් ඇවිරිණි